2002 ජූනි 11 වන දින “ආමරිකන් අයිඩල්” නම් ගායනා තරඟය ආරම්භ වුනි. සෑම සතියකම බලාපොරොත්තු වන්නන් ජනප්‍රිය ගීතවල ඔවුන්ගේම අනුවාද ඉදිරිපත් කළ අතර නරඹන ප්‍රේක්‍ෂකයින් තරඟයේ ඊළඟ වටයට පිවිසෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඡන්දය ප්‍රකාශ කළහ.

ප්‍රසංගයේ විනිශ්චය මණ්ඩලයේ එක් විනිසුරුවෙක් ලෙස රැන්ඩි ජැක්සන්ගේ වචන මෙසේ ප්‍රතිපෝෂණය වූයේ එක් තරඟකරුවෙක්ටය. “ඔබ එම ගීතය ඔබේම කර ගත්තා, යහළුවා!”. ගායකයෙක් සුපුරුදු තාලයක් ගෙන එය ඉතා හොඳින් ඉගෙන ගෙන පසුව එය අලුත් නිෂ්පාදනයක් ලෙස තමාගේම තාලයෙන් නව ආකාරයකින් ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු එම ප්‍රශංසාවට ලක් වුනි. “එය ඔවුන්ගේම කර ගෙන” යනු එය සම්පූර්ණයෙන්ම හා නිර්මාණශීලිීව අයිති කර ගෙන එය වේදිකාව මත ලෝකයට පිරිනැමීමයි.

අපගේ ඇදහිල්ල සහ එය ප්‍රකාශ කිරීම සඳහා සමාන දෙයක් කිරීමට පාවුල් අපටද ආරාධනා කරයි. පිලිප්පි 3 හි ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිවැරදි ස්ථාවරය ලබා ගැනීමට දරණ උත්සාහයන් ප්‍රතික්‍ෂේප කරයි (7-8 පද). ඒ වෙනුවට “ඇදහිල්ල නිසා දෙවියන්වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම” වැළඳ ගැනීමට ඔහු අපට උගන්වයි (9 පදය). සමාව දීමේ සහ මිදීමේ දීමනාවන් අපගේ චේතනාවලිය සහ ඉලක්ක පරිවර්තනය කරයි. “නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලාගත්සේක්ද, ඒක අල්ලාගන්ට වීර්යකරමින් මමත් දුවගනයමි.” (12 පදය).

යේසුස්වහන්සේ අපගේ ජයග්‍රහණය තහවුරු කළ සේක. අපගේ ප්‍රතිචාරය කුමක්ද? එම සත්‍යය අල්ලා ගැනීමට දෙවියන්වහන්සේගේ ශුභාරංචි ත්‍යාගය අභ්‍යන්තරීකරණය කර අපගේ බිඳුණු ලෝකය මධ්‍යයේ ජීවත් වීමය. වෙනත් වචන වලින් කිවහොත් අපි අපගේ ඇදහිල්ල අපගේම කර ගත යුතු අතර එසේ කිරීමෙන් “අපි යම් ස්වභාවයකට පැමිණ සිටිමුද ඒ ප්‍රකාරයට හැසිරෙමුව” (16 පදය).