කොවිඞ් -19 අර්බුදය ඇති වන විට කෙලී මොළයේ පිළිකාවක් සමඟ සටන් කරමින් සිටියාය. ඒ සමඟ ඇගේ හදවත සහ පෙනහළු වටා තරලයක් වර්ධනය වූ අතර ඇය නැවතත් රෝහල් ගත කිරීමට සිදු විය. වසංගතය නිසා ඇගේ පවුලේ අයට පැමිණීමට නොහැකි විය. ඇගේ සැමියා වන ඬේව් යමක් කිරීමට පොරොන්දු විය.

ආදරණීයයන් එක්රැස් කරමින්, ඩේව් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ පණිවිඩ සහිත විශාල පුවරු සාදන ලෙසයි. ඔවුන් එසේ කරමින් මුහුණු ආවරණ පැළඳ, විසි දෙනෙක් රෝහලෙන් පිටත පාරේ සිටගෙන සිටියේ “හොඳම මව!” “ඔයාට ආදරෙයි.” “අපි ඔබ සමඟයි.” යන පණිවිඩ සහිත විශාල පුවරු ඔසවමින්ය. හෙදියකුගේ උදව් උපකාරයෙන් කෙලී හතරවැනි මහලේ ජනේලයක් අසළට ගියාය. “අපට දැකිය හැකි වූයේ ඇයගේ මුහුණු ආවරණය සහ සාදාගත් වනන අතක්,” පමණි. ඇගේ සැමියා සමාජ මාධ්‍යවල මෙසේ පළ කළේය, “නමුත් එය ලස්සන මුහුණු ආවරණයක් සහ වනන අතක් විය” යනුවෙනි.

අපෝස්තලු පාවුල්, තමන්ගේ ජීවිතයේ අවසන් කාලයේදී, රෝම බන්ධනාගාරයක් තුළ ශෝකයට පත් වී සිටි අවස්ථාවේදී ඔහුට තනිකමක් දැනුණි. ඔහු තිමෝතිට මෙසේ ලිවීය: “ශීත කාලයට පළමුවෙන් එන්ට වෑයම් කරන්න.” (2 තිමෝති 4:21). නමුත් පාවුල් සම්පූර්ණයෙන්ම තනි වූයේ නැත. “ස්වාමීන්වහන්සේ මා ලඟ සිට මා ශක්තිමත් කළ සේක.” යනුවෙන් ඔහු පැවසීය (17 පදය). එසේම, අනෙකුත් ඇදහිලිවන්තයන් සමඟ යම් දිරිගන්වන සුලු සම්බන්ධතාවක් ඔහුට තිබූ බව ද පෙනෙන්නට තිබේ “යුබුලස්ද පුදෙන්ස්ද ලීනස්ද ක්ලෞදියාද සියලු සහෝදරයෝද නුඹට ආචාරකරති” කියා ඔහු තිමෝතිට කීවේය (21 පදය).

අපව නිර්මාණය කර ඇත්තේ ප්‍රජාව සඳහා වන අතර, අපි අර්බුදයක සිටින අවස්ථාවේදී, එය අපට වඩාත් බලපාන්නේය. අද දවසේදී තනියම සිටින කෙනෙකු වෙනුවෙන් ඔබට කුමක් කළ හැකිද?