“අවාසනාවකට, අපි මෑතකදී සෑහෙන අමාරු සංවාදයකට මුහුණ දුන්නෙමු” යැයි ෂෙලී පැවසුවාය. “මා සිතන විදිහට අප දෙදෙනාට එය රස විදීමට හැකි වූයේ නැත. නමුත් මට ඇත්තටම දැනුනා ඇය අවට සිටින අයව රිදවීම වළක්වා ගැනීම සඳහා ඇයගේ ආකල්ප සහ ක්‍රියාවන් ආමන්ත්‍රණය කළ යුතු බව” යැයි ෂෙලී කීවාය. ඇය කථා කළේ ඇය උපදේශ ලබා දෙන තරුණිය ගැනය. අපහසුතාවයට පත් වුවද, ඔවුන්ගේ සංවාදය ඵලදායී වූ අතර ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ සම්බන්ධතාවය ශක්තිමත් විය. සති කිහිපයකට පසුව, කාන්තාවන් දෙදෙනා නිහතමානිකම යන තේමාවෙන් සභාව පුරා යාච්ඤා කාලයක් මෙහෙය වූහ.

විධිමත් උපදේශන සබඳතාවයකින් පිටත වුවද, ක්‍රිස්තුස්වහන්සේ තුළ සහෝදරයෙකු හෝ සහෝදරියකු සමඟ දැඩි සංවාදයකට හෝ දෙකකට මුහුණ දීමට අපට සිදු විය හැකිය. සදාකාලික ප්‍රඥාවෙන් පිරුණු පොතක් වන හිතෝපදේශ පොත, නිවැරදි කිරීම සම්බන්ධව ලබා දීමේදී සහ ලබා ගැනීමේදී යටහත්කමේ වැදගත්කම නැවත නැවත උච්චාරණය කරණ තේමාවකි. ඇත්ත වශයෙන්ම, කෙනෙකුව ගොඩ නැගීම පිණිස කරන විවේචන “ජීවය ලබා දීම” ලෙස හඳුන්වන අතර එය සැබෑ ප්‍රඥාව කරා යොමු කරති (හිතෝපදේශ 15:31). හිතෝපදේශ 15:5 පවසන්නේ මෝඩයෙකු උපදෙස් සුළු කරන අතර අවවාදය සළකන්නා නුවණ ලබාගන්නා බවයි. සාමාන්‍යයෙන් කියනවා නම්, “මාවත අත්හැර යන්නාට තද දඬුවමක් පැමිණේ; අවවාදයට ද්වේශ කරන්නා නසින්නේය.” (10 පදය). ෂෙලී දුටු පරිදි, ප්‍රේමය තුළ කතා කරන සත්‍යය මගින් සම්බන්ධතාවයකට නව ජීවයක් ගෙන දිය හැකිය.

ප්‍රේමයෙන් පිරුණු, ජීවිතය දෙන නිවැරදි කිරීමේ වචනයක් පැවසිය යුතු කෙනෙකු ඔබේ ජීවිතයේ සිටීද? එසේත් නැතිනම් ඔබට මෑතකදී ඥානවන්ත අවවාදයක් ලැබී කෝපයෙන් හෝ උදාසීනත්වයෙන් ප්‍රතිචාර දැක්වීමට පෙළඹීමක් ඇතිවී තිබෙනවාද?. ගුරුකම එපා කරන්නා තමාගේම ප්‍රාණය සුළු කරන්නේය. එහෙත් අවවාදය අසන්නා නුවණ ලබා ගන්නේය (32 පදය). අද නිහතමානීව නිවැරදි කිරීම් ලබා දීමට සහ ලබා ගැනීමට අපට උපකාර කරන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු.