කුස්සියේ මේසයක් මත තැබීමට හැකි තරම් කුඩා බලවත් ඕක් ගසක් සිතින් මවා ගන්න. බොන්සායි පෙනුම එයයි. එනම්, ඔබ ස්වභාව ධර්මයේ වනාන්තරයෙහි දකින විශාල ගසක කුඩා අනුවාදයක් ලෙස සාදාගත් අලංකාර විසිතුරු ගසක් වෙයි. බොන්සායි සහ එහි සම්පූර්ණ ප්‍රමාණයේ විශාල ගස අතර ජානමය වෙනසක් නොමැත. එය හුදෙක් නොගැඹුරු බඳුනක, කප්පාදු කිරීම සහ මුල් කැපීම යන කාර්යයන් හේතුවෙන් ගසේ වර්ධනය වීම සීමා කර තිබේ, එබැවින් ශාඛය කුඩා පැලෑටියක් ලෙස පවතී.

බොන්සායි ගස් අපූරු විසිතුරු පැළ ලෙස පවතින අතරම, ඒවා පාලනය කිරීමේ බලයද නිරූපණය කරයි. ගස් පරිසරයට ප්‍රතිචාර දක්වන පරිදි අපට ඒවායේ වර්ධනය හැසිරවිය හැකි බව සත්‍යයකි, නමුත් අවසානයේ සැම දෙයක්ම වර්ධනය වන්න සළස්වන්නේ දෙවියන්වහන්සේය.

දෙවියන්වහන්සේ එසකියෙල් අනාගතවක්තෘට කතා කළේ මේ ආකාරයට ය: “එවිට ස්වාමීන්වහන්සේවූ මා විසින් උස් ගහ පහත් කර, පහත් ගහ උසස්කළ බව” යි (එසෙකියෙල් 17 24). බබිලෝනිවරුන්ට ආක්‍රමණය කිරීමට ඉඩ දීමෙන් ඊශ්‍රායෙල් ජාතිය “මුලිනුපුටා දමන්න” යන අනාගත සිදුවීම් ගැන දෙවියන්වහන්සේ ලකුණු පහළ කරමින් සිටි සේක. කෙසේවෙතත්, අනාගතයේදී, දෙවියන්වහන්සේ ඊශ්‍රායෙල්හි ඵල දරන නව ගසක් සිටුවනු ඇත, එහි අතු සෙවණෙහි “සියලු ආකාර පියාපත් ඇති පක්ෂීහු” නවාතැන් සොයනු ඇත (23 පදය). ඉදිරියේදී සිදුවීමට නියමිත සිදුවීම් පාලනය කළ නොහැකි බව පෙනෙන්නට තිබුණත්, උන්වහන්සේ තවමත් ඒ සියල්ල භාරව සිටින බව දෙවියන්වහන්සේ පවසන සේක.

ලෝකය අපට පවසන්නේ හැසිරවීමෙන් සහ අපගේම වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් අපගේ තත්වයන් පාලනය කිරීමට උත්සාහ කරන ලෙසයි. නමුත් සැබෑ සාමය සහ සමෘද්ධිය සොයාගත හැක්කේ ගස් වැවීමට හැකි එකම තැනැන්වහන්සේට ඒවායේ පාලනය භාර කිරීමෙනි.