කලක් ලොව ශක්තිමත්ම මිනිසා ලෙස හැඳින්වූ ඇමරිකානු බර ඉසිලීමේ ක්‍රීඩක පෝල් ඇන්ඩර්සන් 1956 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පැවති ඔලිම්පික් උළෙලේදී කණේ අභ්‍යන්තරයේ දරුණු ආසාදනයක් සහ අංශක 103 ක උණක් තිබියදීත් ලෝක වාර්තාවක් තැබීය. තමාට ඉදිරියෙන් සිටි ක්‍රීඩකයින් පසුපසට වැටී සිටි ඔහුට රන් පදක්කමක් ලබාගැනීම සඳහා වූ එකම අවස්ථාව වූයේ අවසන් ඉසව්වේ දී නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමයි. ඔහුගේ පළමු උත්සාහයන් දෙකම දරුණු ලෙස අසාර්ථක විය.

ඉතින් අපි අතරේ ඉන්න දුර්වලම අයටත් කරන්න පුළුවන් දේ තමයි මෙම ශරීරයෙන් ඉතා විශාල ක්‍රීඩකයා කළේ. ඔහු තමාගේ ශක්තිය අත්හරිමින් අමතර ශක්තියක් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. ඔහු පසුව පැවසූවේ, “එය කේවල් කිරීමක් නොවේ. මට උදව් අවශ්‍ය විය” යනුවෙනි. ඔහුගේ අවසන් එසවීමත් සමඟ ඔහු තම හිසට උඩින් රාත්තල් 413.5 ක් (කිලෝ ග්‍රෑම් 187.5 ක්) ඔසවන ලදී.

ක්‍රිස්තුස්වහන්සේගේ අපොස්තුළු වරයෙක් වන පාවුල් මෙසේ ලිවීය, “මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි” (2 කොරින්ති 12 10). පාවුල් ආධ්‍යාත්මික ශක්තිය ගැන කතා කළ නමුත් දෙවියන්වහන්සේගේ බලය “දුර්වලකමේදී මාගේ බලය ම්පූර්ණවෙන්නේයයි” ඔහු දැන සිටියේය (9 පදය).

යෙසායා අනාගතවක්තෘ ප්‍රකාශ කළේ, “උන්වහන්සේ ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; බලය නැත්තාට සවිය වැඩිකරනසේක” (යෙසායා 40 29) යනුවෙනි.

එවැනි ශක්තියක් සඳහා මාර්ගය කුමක්ද? යේසු සමිඳුන් තුළ රැඳී සිටීමයි. “මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය”යයි උන්වහන්සේ පැවසීය (යොහන් 15:5). බර ඉසිලීමේ ක්‍රීඩක ඇන්ඩර්සන් නිතරම, “ලෝකයේ සිටින ශක්තිමත්ම මිනිසාට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය නොමැතිව එක් දිනක් ගත කළ නොහැකි නම් – ඔබට යේසුස්වහන්සේගේ බලයෙන් තොරව ජීවත්විය හැකිද?” කියා ප්‍රශ්න කරයි. එය සොයා ගැනීමට, අපට අපගේම මිත්‍යා ශක්තිය මත යැපීම අත හැර, දෙවියන්වහන්සේගේ ශක්තිමත් සහ පවතින උපකාරය ඉල්ලා සිටිමු.