දහසය හැවිරිදි බ්‍රසීලියානු ස්කේට්-බෝඩ් ක්‍රීඩක ෆෙලිපේ ගස්ටාවෝ “පෘථිවියේ වඩාත්ම ජනප්‍රිය ස්කේට්බෝඞ් ක්‍රීඩකයින්” අතරට පත්වනු ඇතැයි කිසිවෙකු විශ්වාස නොකරන්න ඇති. ගස්ටාවෝගේ පියා විශ්වාස කළේ තම පුතාට වෘත්තීමය දක්ෂතා ඇති ස්කේට්-බෝඩ් ක්‍රීඩකයෙකු වීමේ සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය වූවත් ඔවුන් සතුව මුදල් නොතිබුණි. එබැවින් ඔහුගේ පියා ඔවුන්ගේ මෝටර් රථය විකුණා ඔහුගේ පුතා ෆ්ලොරිඩාවේ සුප්‍රසිද්ධ ටැම්පා ඇම් ස්කේටින් තරඟයට කැඳවාගෙන ගියේය. ඔහු ජයග්‍රහණය කරන තුරු කිසිවෙකු ගස්ටාවෝ ගැන අසා තිබුණේ නැත. මෙම ජයග්‍රහණය ඔහුව පුදුමාකාර වෘත්තියකට යොමු කළේය.

ගස්ටාවෝගේ පියාට තම පුතාගේ හදවත සහ ආශාව දැකීමේ හැකියාව තිබුණි. “මම පියෙකු වූ විට, මට අවශ්‍ය වන්නේ මගේ තාත්තා මා වෙනුවෙන් වූ දෙයින් සියයට 5 ක් පමණක් වීමටයි” කියා ගස්ටාවෝ කීවේය.

දෙවියන්වහන්සේ දරුවන්ගේ හදවත, ශක්තිය සහ පෞරුෂය නිර්මාණය කර ඇති අද්විතීය ආකාරය හඳුනා ගැනීමට උපකාර කිරීමට සහ දෙවියන්වහන්සේ ඔවුන්ව මැව්වේ කවුරුන් වන්නද යන්න පිළිබිඹු කරන මාර්ගයට ඔවුන්ව යොමු කිරීමට සහ දිරිගැන්වීමට දෙමව්පියන්ට ඇති අවස්ථාව හිතෝපදේශ පොතෙන් විස්තර කරන්නේය. “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය” යැයි ලේඛකයා පැවසුවේය (22: 6).

අපට විශාල සම්පත් හෝ ගැඹුරු දැනුමක් නොතිබිය හැකිය. කෙසේ වෙතත්, දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඇතුව (.17-21) සහ අපගේ අවධානයෙන් යුත් ප්‍රේමය සමඟින්, අපගේ දරුවන්ට සහ අපගේ බලපෑමේ සීමාව තුළ සිටින අනෙකුත් දරුවන්ට ඉමහත් ත්‍යාගයක් පිරිනැමිය හැකිය. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට සහ ජීවිත කාලය පුරාම ඔවුන්ට අනුගමනය කළ හැකි මාර්ග හඳුනා ගැනීමට, අපට ඔවුන්ට උපකාර කළ හැකිය (3 5-6).