අඟහරු සහ බ්‍රහස්පති අතර කක්ෂයකදී ඩොලර් ට්‍රිලියන සහ ට්‍රිලියන ගණන් වටිනා ග්‍රහ ලෝකයක් ඉතා වේගයෙන් ගමන් කරයි. විද්‍යාඥයින් පවසන පරිදි “සයිකි” නමින් හඳුන්වන 16 වන කුඩා ග්‍රහලෝකය රන්, යකඩ, නිකල් සහ ප්ලැටිනම් වැනි ඉතා වටිනා ලෝහ වලින් සමන්විත වන අතර එය සිතාගත නොහැකි තරම් මුදලක් වේ. දැනට, පෘථිවි වාසීන් මෙම ධනවත් සම්පත කැණීමට උත්සාහ නොකරයි. නමුත් එක්සත් ජනපදය මෙම වටිනා පාෂාණය අධ්‍යයනය කිරීම සඳහා “ප්‍රෝබ්” නොහොත් මිනිසුන් රහිත ගවේෂක අභ්‍යවකාශ යානයක් යැවීමට සැලසුම් කර තිබේ.

කිව නොහැකි තරම් ධනය පිළිබඳ පොරොන්දුව සිත් තැවුලට පත් කළ හැකි අතර කලකිරීමට පත් විය හැකිය. නිසැකවම කාලයාගේ ඇවෑමෙන් එහි ඇති නිධානය සඳහා “සයිකි” නමින් හඳුන්වන 16 වන කුඩා ග්‍රහලෝකය කරා ළඟා වීමට නොයෙකුත් පුද්ගලයින් උත්සහ කරනු ඇත.

නමුත් අපට ළඟා විය හැකි ධනය පිළිබඳ අපේක්ෂාව ගැන කුමක් කිව හැකිද? සැවොම ඒ දෙසට ගමන් කරන්නේ නැද්ද? රෝමයේ පිහිටා තිබූ පළමු ශතවර්ෂයේ සභාවට ලියමින්, අපෝස්තලු පාවුල්, දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවයෙන් අපට සොයාගත හැකි ධනය ගැන කතා කළේය. ඔහු මෙසේ ලිව්වේය, “අහෝ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද!” (රෝම 11:33) යන්නයි. බයිබල් උගතෙකු වන ජේම්ස් ඩෙනී මෙම ධනය විස්තර කළේ “දෙවියන්වහන්සේට ලෝකයේ මහත් අවශ්‍යතා සපුරාලීමට වඩා බොහෝ සෙයින් උපකාර කරන සෙවිය නොහැකි ප්‍රේමයේ සම්පත” ලෙසයි.

සමහර දුර ඈත ග්‍රහලෝක වලින් ලැබෙන රන් කුට්ටි වලටත් වඩා අපට අවශ්‍ය වන්නේ එය නොවේද? ශුද්ධාත්මයාණන්වහන්සේ අපට උපකාර කරන පරිදි දේව චචනයේ ඇති දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ සහ දැනුමේ පොහොසත්කම අපට කැණීමට හැකිය. එම ධනය හාරා ගැනීමටත්, උන්වහන්සේව තවත් දැන ගැනීමටත්, බොහෝසේ අගය කිරීමටත් දෙවියන්වහන්සේ අපට මඟ පෙන්වන සේක්වා.