1717 දී, විනාශකාරී කුණාටුවක් දින ගණනාවක් පුරා පැතිර ගිය අතර, උතුරු යුරෝපයේ පුළුල් ගංවතුරක් ඇති විය. නෙදර්ලන්තය, ජර්මනිය සහ ඩෙන්මාර්කය යන රටවල මිනිසුන් දහස් ගණනකට ජීවිත අහිමි විය. ඉතිහාසය රසවත් හා සිරිතක් හෙළිදරව් කරයි. එනම්, එම කාලය සඳහා අවම වශයෙන් එක් පළාත් පාලන ආයතනයක් ප්‍රතිචාරය දක්වන ලදී. නෙදර්ලන්තයේ නගරයක් වන ග්‍රොනින්ගන් හි පළාත් බලධාරීන් ව්‍යසනයට ප්‍රතිචාර වශයෙන් “යාච්ඤා දිනයක්” පැවැත්විය. ඉතිහාසඥයෙක් වාර්තා කරන්නේ පුරවැසියන් දේවස්ථානවලට රැස් වී “දේශනාවලට සවන් දී, ගීතිකා ගායනා කරමින්, පැය ගණනක් යාච්ඤා කළ” බවයි.

යෝවෙල් අනාගතවක්තෘ යූදා වැසියන් මුහුණ දුන් අතිමහත් ව්‍යසනයක් විස්තර කරන අතර එය යාච්ඤා කිරීමට ඔවුන්ව පෙළඹුවේය. විශාල පළඟැටි රංචුවක් භූමිය ආවරණය කර “උන් මාගේ මිදිවැල පාළුකොට, මාගේ අත්තික්කා ගහ කඩාදමා” ඇති බව (යෝවෙල් 1:7) ඔහු කියයි. ඔහු සහ ඔහුගේ ජනතාව විනාශයෙන් කඩා වැටී සිටි අවස්ථාවේ, යෝවෙල් යාච්ඤා කළේ, “ස්වාමීන්වහන්ස, ඔබට යාච්ඤාකරමි.” (යෝවෙල් 1:19) යනුවෙනි. සෘජුව සහ වක්‍රව, උතුරු යුරෝපයේ සහ යූදාහි ජනයා යන දෙපිරිසටම පාපයේ ප්‍රතිවිපාක සහ මෙම වැටුණු ලෝකයේ ඇති වූ ව්‍යසනයන් අත්විඳින්න සිදු වුනි (උත්පත්ති 3: 17-19; රෝම 8:20-22). නමුත් මෙම කාලයන් දෙවියන්වහන්සේට කතා කිරීමට සහ යාච්ඤාවෙන් උන්වහන්සේව සෙවීමට ඔවුන්ව යොමු කළ බව ඔවුන් සොයා ගත්හ (යෝවෙල් 1:19). දෙවියන්වහන්සේ පැවසුවේ, “එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද… මා වෙතට හැරී එන්න” (යෝවෙල් 2:12) යනුවෙනි.

අප දුෂ්කරතා හා විපත්තිවලට මුහුණ දෙන විට, අපි දෙවියන්වහන්සේ වෙතට හැරෙමු – සමහර විට වේදනාවෙන්, සමහර විට පසුතැවිල්ලෙන්. අපට අවශ්‍ය සැනසීම සහ උපකාරය සැපයීම පිණිස, “අනුකම්පා සහගතව” සහ “ප්‍රේමයෙන් බහුලව” (13 පදය), උන්වහන්සේ අපව තමන්වහන්සේ වෙතට ඇද ගන්නා සේක.