ලේසි ස්කොට් ඇගේ ප්‍රාදේශීය සුරතල් සතුන් අලෙවිකරණ ගබඩාවේ සිටියදී මාළු ටැංකියක පතුලේ සිටි දුක්ඛිත මාළුවෙකු ඇගේ ඇසට හසු විය. උගේ කොරපොතු කළු වී උගේ සිරුරේ තුවාල ඇති වී තිබුණි. දස හැවිරිදි මත්ස්‍යයා බේරාගත් ලේසි, “පිනොකියෝ” සුරංගනා කතාවේ සිටි “මොන්ස්ට්‍රෝ” ලෙස නම් කරන ලද තල්මත්ස්‍යයෙකුගේ නම මෙම ගෝල්ඞ්ෆිෂ් මත්ස්‍යයාට තබා ඌව “රෝහල්” ටැංකියක දමා, දිනපතා ටැංකිය අලුත් ජලයෙන් පිරෙව්වාය. සෙමින්, මොන්ස්ට්‍රෝ සුවය ලැබ පිහිනීමටත් ප්‍රමාණයෙන් වර්ධනය වීමටත් පටන් ගත්තේය. උගේ කළු කොරපොතු රන්වන් පාටට පරිවර්තනය විය. ලේසි ගේ කැප වූ රැකවරණය හරහා, මොන්ස්ට්‍රෝ අලුත් විය!

ලූක් 10 හි, යේසුස්වහන්සේ පහර කෑමටද මංකොල්ල කෑමටද ලක්ව මැරෙන්න හැර තිබූ සංචාරකයෙකුගේ කතාවක් කියන සේක. පූජකයෙක් සහ ලෙවීවරයෙක් යන දෙදෙනාම මිනිසාගේ දුක් වේදනා නොසලකා හරිමින් ගමන් කළහ. නමුත් ප්‍රතික්‍ෂේපිත සමාජ කණ්ඩායමක සාමාජිකයෙක් වූ සමරිතානු ජාතිකයෙක් ඒ වැටී සිටි මනුෂ්‍යාගේ අවශ්‍යතා සඳහාද මුදල් ගෙවමින් ඔහුව රැකබලා ගත්තේය (ලූක් 10:33-35). කතාවේ සැබෑ “අසල්වැසියා” ලෙස සමරිතානුවාව ප්‍රකාශ කරමින්, යේසුස්වහන්සේ උන්වහන්සේට සවන් දෙමින් සිටි අයටත් එසේ කිරීමට දිරිමත් කළසේක.

මැරෙන්නට ආසන්නව සිටින “ගෝල්ඞ් ෆිෂ්” මත්ස්‍යයෙකු වෙනුවෙන් ලේසි කරපු දේ, අප අවට සිටින අසරණ මිනිසුන් වෙනුවෙන් අපටද කළ හැකිය. එනම්, නිවාස නොමැති, රැකියා විරහිත, ආබාධිත සහ හුදකලා “අසල්වැසියන්” අපගේ මාවතේ සිටිති. ඔවුන්ගේ දුක අපගේ නෙත ගැටීමට ඉඩ හැර අසල්වැසි සැලකිල්ලෙන් ප්‍රතිචාර දක්වමු. කාරුණික සුබ පැතුම් තුළින් හෝ ආහාර වේලක් බෙදා ගැනීමෙන් හෝ මුදල් හුවමාරුවෙන් අපට ඔවුන් හට කරුණාව දැක්විය හැකිය. සෑම දෙයක්ම අලුත් කළ හැකි ප්‍රේමයකින් අන් අයට උන්වහන්සේගේ ප්‍රේමය පිරිනැමීමට දෙවියන්වහන්සේ අපව යොදා ගන්නේ කෙසේද?