අට හැවිරිදි ගේබ්‍රියෙල්ගේ මොළයේ ගෙඩියක් ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු, එය ඔහුගේ හිසේ පැත්තක කැපී පෙනෙන කැළලක් ඉතිරි කළේය. තමා යක්ෂයෙකු ලෙස පෙණෙන බව පැවසූ විට, ඔහුගේ පියා වන ජෝෂ්ට අදහසක් ආවේය – ඔහු තම පුතාට කොතරම් ආදරය කරනවාද යන්න නිරූපණය කරන්න, ඔහුගේ හිසේ පැත්තේ ගේබ්‍රියෙල්ගේ කැළල මෙන් එකම හැඩයෙන් පච්චයක් කොටා ගන්නා ලදී.

ගීතිකාකරුවාණන්ට අනුව, දෙවියන්වහන්සේ “උන්වහන්සේගේ දරුවන්” කෙරෙහි දක්වන්නේද මෙවැනිම සංවේදී සහ දයානුකම්පිත ප්‍රේමයකි (ගීතාවලිය 103:13). මිනිස් ජීවිතයෙන් උකහාගත් රූපකයක් යොදාගනිමින් දාවිත්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය නිදර්ශනය කළේය. ඔහු පැවසුවේ, එය හොඳ පියෙකු තම දරුවන් රැකබලා ගැනීම තරම් මුදු මොළොක් බවයි (17 පදය). මනුෂ්‍ය පියෙකු තම දරුවන්ට ආදරය හා සැලකිල්ල දක්වනවා සේම, අපගේ ස්වර්ගික පියාණන් වන දෙවියන්වහන්සේ, තමන්වහන්සේට ගරු-බිය දක්වන අය කෙරෙහි ප්‍රේමය සහ සැලකිල්ල පෙන්වන සේක. තම ජනතාව සමඟ සංවේදනය කරන උන්වහන්සේ දයානුකම්පිත පියෙක් වන සේක.

අප දුර්වල වූ විට සහ ජීවිතයේ කැළැල් නිසා වෙන කෙනෙකුට අපට ආදරය කළ නොහැකි යැයි හැඟෙන විට, අපගේ ස්වර්ගික පියාණන්ගේ ආදරය ඇදහිල්ලෙන් අපට ලැබේවා. අපගේ ගැළවීම උදෙසා “උන්වහන්සේගේ ජීවිතය අප වෙනුවෙන් පූජා කිරීමට” (1 යොහන් 3 16) තමන්වහන්සේගේ පුත්‍රයාණන් දීමෙන් උන්වහන්සේ තම දයාව ප්‍රදර්ශනය කළසේක. මෙම එක් ක්‍රියාවකින්, අප කෙරෙහි ඇති දෙවියන්වහන්සේගේ ප්‍රේමය අත්විඳීමට පමණක් නොව, අපට කුරුසිය දෙස බලා එය දැකගැනීමටද හැකි වන්නේය. “අපගේ දුර්වලකම් ගැන සන්නිවේදනය කළ හැකි” (හෙබ්‍රෙව් 4:15) උත්තම පූජකයෙකු අපට සිටීම ගැන ඔබ සතුටු වන්නේ නැද්ද? එය ඔප්පු කිරීමට උන්වහන්සේට කැළැල් ඇත.