යකඩ කුරුමිණියන් විලෝපිකයන්ගෙන් ආරක්ෂා කරන ඔවුන්ගේ දැඩි බාහිර පෙනුම නිසා ප්‍රසිද්ධය. කෙසේ වෙතත්, එක් විශේෂ ප්‍රභේදයක්, පීඩනය යටතේ අසාමාන්‍ය ශක්තියක් ලබා ගනියි. කෘමියාගේ දෘඩ, පිටත කවචය නොකැඩෙන අතර එය දිගු වී එකට එකතු වේ. එහි පැතලි පිට සහ පහත් පැතිකඩ ද අස්ථි බිඳීම් නොවීමට උපකාරී වේ. එහි සිරුරේ බර මෙන් 40,000 ගුණයකට ආසන්න සංකෝචන බලයකින් එයට ඔරොත්තු දිය හැකි බව විද්‍යාත්මක පරීක්ෂණවලින් පෙනී යයි.

දෙවියන්වහන්සේ මෙම කෘමියා ව තවත් දැඩි කළ සේම, උන්වහන්සේ යෙරෙමියාටද ඔරොත්තු දීමේ හැකියාව ලබා දුන්නේය. අනාගතවකතෘවරයා ඊශ්‍රායෙලයට අකමැති පණිවිඩ ලබා දුන් විට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදු වනු ඇත, එබැවින් දෙවියන්වහන්සේ ඔහුව “යකඩ කුළුනක් ද පිත්තල පවුරුද” කිරීමට පොරොන්දු වූ සේක (යෙරෙමියා 1:18). අනාගතවක්තෘව සමතලා කිරීමට, වෙන්කර ගැනීමට හෝ යටපත් කිරීමට නොහැකි වනු ඇත. දෙවියන්වහන්සේගේ අභිමුඛය සහ ගැලවීමේ බලය නිසා ඔහුගේ වචන ශක්තිමත් වනු ඇත.

ඔහුගේ ජීවිත කාලය පුරාම යෙරෙමියාට බොරු චෝදනා එල්ල වී, අත් අඩංගුවට ගෙන, නඩු විභාග කර පහර දී, සිරගත කර, ළිඳකට පවා දමන ලද නමුත්, ඔහු දිවි ගලවා ගත්තේය. අභ්‍යන්තර අරගලවල බර නොතකා යෙරෙමියා ද නොනැසී පැවතුණි. සැකය සහ ශෝකය ඔහුව පීඩාවට පත් කළේය. නිරන්තර ප්‍රතික්ෂේප කිරීම සහ බැබිලෝනියානු ආක්‍රමණයක් පිළිබඳ භීතිය ඔහුගේ මානසික ආතතියට හේතු විය.

යෙරෙමියාගේ ආත්මය සහ සාක්ෂිය බිඳී නොයන ලෙස දෙවියන්වහන්සේ ඔහුට දිගටම උපකාර කළ සේක. උන්වහන්සේ අපට ලබා දී ඇති මෙහෙවර අත්හැරීමට හෝ ඇදහිල්ලෙන් පිරුණු ජීවිතයෙන් ඉවත් වීමට හෝ අපට හැඟෙන විට, යෙරෙමියාගේ දෙවියන්වහන්සේ අපගේත් දෙවියන්වහන්සේ බව අප මතක තබා ගත යුතුයි. අපව යකඩ මෙන් ශක්තිමත් කිරීමට උන්වහන්සේට හැකි වන්නේ උන්වහන්සේගේ බලය අපගේ දුර්වලකම තුළ පරිපූර්ණ වී ඇති බැවිනි (2 කොරින්ති 12.9).