ආසාදන අවදානම හේතුවෙන් තම මුණුබුරන් සහ මිනිබිරියන් පෞද්ගලිකව දැකීමට හැකියාවක් නොමැතිව, බොහෝ ආච්චිලා සීයලා කෝවිඞ්-19 වසංගතය අතරතුර සම්බන්ධ වීමට නව ක්‍රම සොයන්න පටන් ගත්හ. මෑත සමීක්ෂණයකින් පෙන්නුම් කළේ බොහෝ ආච්චිලා සීයලා තම මුණුබුරන් සහ මිනිබිරියන් සමඟ ඇති වටිනා බැඳීම පවත්වා ගැනීම සඳහා කෙටි පණිවිඩ යැවීම සහ සමාජ මාධ්‍ය භාවිතය කළ බවයි. ඇතැමෙක් තම පවුල්වල සාමාජිකයන් සමඟ වීඩියෝ ඇමතුම් මගින් පවා නමස්කාර කළහ.

දෙමව්පියන්ට සහ ආච්චිලා සීයලාට තම දරුවන්ට බලපෑම් කළ හැකි අපූරුම ක්‍රමයක් නම් ශුද්ධ ලියවිල්ලේ සත්‍යයන් දරුවන්ට ලබා දීමයි. ද්විතීය කථාව 4 හි, මෝසෙස් දෙවියන්වහන්සේගේ සෙනඟට “නුඹේ ඇස්වලින් දුටු දේවල් නුඹට මතකනැති නොවන පිණිසත් නුඹේ ජීවිතයේ සියලු දවස්වල ඒවා නුඹේ සිතෙන් පහනොවන පිණිසත් බලාගෙන …. ” (9 පදය) යයි ආඥා කළ සේක. මේ දේවල් තම දරුවන් හා ඔවුන්ගේ දරුවන්ගේ දරුවන් සමඟ බෙදාගැනීමෙන් උන්වහන්සේට (10 පදය) “භය වෙන්ට” ඉගෙන ගැනීමටත්, උන්වහන්සේ ඔවුන්ට දෙන දේශයේ උන්වහන්සේගේ සත්‍යයට අනුව ජීවත් වීමටත් ඔවුන්ට හැකි වන බව උන්වහන්සේ තවදුරටත් පැවසූ සේක.

දෙවියන්වහන්සේගේ බලාපොරොත්තුව නම් අපගේ පවුල් සහ මිතුරන් සමඟ උන්වහන්සේ අපට ලබා දෙන සබඳතා නිසැකවම භුක්ති විඳීමටයි. දෙවියන්වහන්සේගේ සැළසුම අනුව, ඔවුන් උන්වහන්සේගේ ප්‍රඥාව එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට ගෙනයාමට මාර්ගයක් විය යුත්තේ ඔවුන්ට “ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ඔවුන් සියලු යහපත් ක්‍රියා වලට සුදානම්ව සිටින පිණිසත්ය” (2 තිමෝති 3:16-17). අපි කෙටි පණිවිඩ, ඇමතුම්, වීඩියෝ හෝ පුද්ගල සංවාදයකින් වේවා, ඊළඟ පරම්පරාව සමඟ දෙවියන්වහන්සේගේ සත්‍යයන් උන්වහන්සේ අපගේ ජීවිත වල ක්‍රියා කර ඇති ආකාරය බෙදා ගන්නා විට ඔවුන්ගේම ජීවිත තුළ උන්වහන්සේගේ ක්‍රියා දැකීමට සහ භුක්ති විඳීමට අපි ඔවුන්ව සන්නද්ධ කරමු.