එය සඳුදා උදෑසනක් විය, නමුත් මගේ මිතුරා චියා-මිං කාර්යාලයේ සිටියේ නැත. ඔහු නිවසේ නාන කාමරය පිරිසිදු කරමින් සිටියේය. මාසයක් රැකියා විරහිතව සිටියද, ඔහු ඉදිරියේ කිසිදු රැකියාවකට මඟපෙන්වීමක් නොමැතිව, ඔහු සිතන්නට විය. කෝවිඞ් -19 වසංගතය හේතුවෙන් ඔහුගේ සමාගම වසා දමා තිබූ අතර අනාගතය පිළිබඳ කනස්සල්ල නිසා චියා-මිංගේ සිත බියෙන් පිරුණි. “මම මගේ පවුල නඩත්තු කළ යුතුයි,” ඔහු සිතුවේය. “මට උදව් සඳහා යා හැක්කේ කොතැනටද?”

ගීතාවලිය 121:1 හි, යෙරුසලමට යන වන්දනාකරුවන් උපකාර ලබා ගන්නේ කොහෙන්ද යන්න ගැන සමාන ප්‍රශ්නයක් ඇසුවෝය. සියොන් කන්දේ පිහිටි ශුද්ධ නගරයට යන ගමන දිගු මෙන්ම අනතුරුදායක විය හැකි වූ අතර සංචාරකයින් දුෂ්කර කඳු නැගීමකට මුහුණ දුන්හ. ඔවුන් මුහුණ දුන් අභියෝග අද අප ජීවිතයේ මුහුණ දෙන දුෂ්කර ගමනක් සේ පෙනෙයි – එනම්, අසනීප, සබඳතා ගැටලු, වියෝවීම්, රැකියාවේ ආතතිය හෝ, චියා-මිං වැනි, මූල්‍ය දුෂ්කරතා සහ විරැකියාව යන මාවතේ ගමන් කිරීම වැනි දුෂ්කර ගමනක් විය හැකිය.

නමුත් අහසත් පොළොවත් සෑදූ තැනැන්වහන්සේම අපට උපකාර කරන්නේය යන සත්‍යය තුළ අපට සහනයක් ලබා ගත හැකිය (2 පදය). උන්වහන්සේ අපගේ ජීවිත දෙස බලා සිටින අතර (3, 5, 7-8 පද) අපට අවශ්‍ය දේ උන්වහන්සේ දන්නාසේක. “මුර කරන්නේය” යන හෙබ්‍රෙව් වචනය වන “ෂමාර්” හී තේරුම “ආරක්ෂා කිරීම” යන්නයි. විශ්වයේ නිර්මාතෘවරයාණෝ අපගේ භාරකරු වන සේක. අපි උන්වහන්සේගේ ආරක්ෂාව කරණකොට ගෙන සිටින්නෙමු. “දෙවියන්වහන්සේ මා සහ මගේ පවුල රැකබලා ගත්තා” කියා චියා-මිං මෑතකදී බෙදා ගත්තේය. “එසේම නියම වේලාවට උන්වහන්සේ ගුරු රැකියාවක්ද ලබා දුන් සේක” කියා ඔහු කීවේය.

අපි දෙවියන්වහන්සේව විශ්වාස කර උන්වහන්සේට කීකරු වන විට සහ අප සිටින්නේ උන්වහන්සේගේ ප්‍රඥාවේ සහ ප්‍රේමයේ ආරක්ෂිත සීමාවන් තුළ බව දැන සිටීමෙන් අපට බලාපොරොත්තුවෙන් යුතුව ඉදිරිය බලා සිටිය හැකිය.