අපේ බිම් මහලෙන් නැඟුණු ප්‍රීතිමත් කෑගැසීම් මගේ බිරිඳ ෂර්ලිගෙනි. ඇය පැය ගණනක් පුවත් පත්‍රිකා ව්‍යාපෘතියක් සමඟ පොර බැදු අතර, ඇය එය නිම කිරීමට සූදානම්ව සිටියාය. ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ ඈ කනස්සල්ලෙන් සහ අවිනිශ්චිතතාවයෙන් සිටි අතර, ඇය දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා යාච්ඤා කළාය. ඇය මුහුණු පොතේ මිතුරන් වෙතද සම්බන්ධ වූ අතර ඉක්මනින් ව්‍යාපෘතිය නිම කරන ලදී – එය කණ්ඩායම් උත්සාහයක් විය.

පුවත් පත්‍රිකා ව්‍යාපෘතියක් ජීවිතයේ සුළු දෙයක් වන අතර, කුඩා (සහ එතරම් කුඩා නොවන) දේවල්වලට පවා සිත් පීඩාව හෝ කනස්සල්ලක් ඇති කළ හැකිය. සමහර විට ඔබ පළමු වරට දරු ප්‍රසූතියේ අවධීන් හරහා ගමන් කරන දෙමාපියෙක් විය හැකිය; නව අධ්‍යයන අභියෝගවලට මුහුණ දෙන ශිෂ්‍යයෙක් විය හැකිය; ආදරය කරන කෙනෙකුගේ වියෝව ගැන දුක් වන පුද්ගලයෙක්; හෝ නිවසක්, රැකියාවක් හෝ ක්‍රිස්තියානි සේවයක අභියෝගයක් අත්විඳින අයෙක් විය හැකිය. සමහර විට අප අනවශ්‍ය ලෙස කෙළවර සිටින්නේ අපි දෙවියන්වහන්සේගෙන් උපකාර නොඉල්ලන බැවිනි (යාකොබ් 4:2).

පාවුල් පිලිප්පියේ සභාවේ යේසුස්වහන්සේගේ අනුගාමිකයින්ට සහ අපට අවශ්‍ය අවස්ථාවන්හිදී අපගේ පළමු ආරක්ෂක මාර්ගය පෙන්වා දුන්නේය: “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න” (පිලිප්පි 4:6). ජීවිතය සංකීර්ණ වූ විට, අපට “යේසුස් මෙන් මිතුරෙකු ඇත්ද” යන ගීතිකාවේ ඇති මතක් කිරීම් අවශ්‍ය වේ: “අහෝ, අපට බොහෝ විට අහිමි වන සාමය, / අහෝ, අප දරන අනවශ්‍ය වේදනාව, / සියල්ල අප රැගෙන නොයන නිසා, / සියල්ල යාච්ඤාවෙන් දෙවියන් වහන්සේට.”

සමහර විට අපි දෙවියන්වහන්සේගෙන් උදව් ඉල්ලන විට, අපට උපකාර කළ හැකි අයගෙන් ඉල්ලා සිටීමට උන්වහන්සේ අපට මඟ පෙන්වන සේක.