2000 දී, තැපැල් මාර්ගීකව චිත්‍රපට කුලියට දීමේ අළුතින් ආරම්භ කළ සමාගමක් තම සමාගම ඩොලර් මිලියන 50 කට එවකට ගෘහස්ථ චිත්‍රපට සහ වීඩියෝ ක්‍රීඩා කුලියට දීමේ විශිෂ්ටයා වූ බ්ලොක්බස්ටර් සමාගම වෙත විකිණීමට ඉදිරිපත් විය. නෙට්ෆ්ලික්ස් සමාගම වෙත දළ වශයෙන් ග්‍රාහකයින් 300,000 සිටි අතර බ්ලොක්බස්ටර් සමාගමට ග්‍රාහකයින් මිලියන අතිවිශාල ගණනක් සිටියහ. බ්ලොක්බස්ටර් ඔවුන්ගේ කුඩා තරඟකරුවා මිලදී ගැනීමට ලද අවස්ථාව මගහැරගත්තේය. එහි ප්‍රතිඵලය වුයේ කුමක්ද? අද නෙට්ෆ්ලික්ස් සමාගමට ග්‍රාහකයින් මිලියන 180කට වඩා ඇති අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 200කට ආසන්නය. බ්ලොක්බස්ටර් සමාගම සම්බන්ධයෙන් ගත් කල, එය බිඳ වැටුණි. අප කාටවත් අනාගතය ගැන අනාවැකි කියන්නට නුපුළුවන.

අපි අපේ ජීවිත පාලනය කරන බවත් අනාගතය සඳහා අපගේ සැලසුම් සාර්ථක වන බවත් විශ්වාස කිරීමට අපි පෙළඹී සිටිමු. නමුත් යාකොබ් පවසන්නේ, “නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය” යනුවෙනි (4:14). ජීවිතය කෙටි, ඉක්මන් සහ අප නිතර දකිනවාට වඩා බිඳෙන සුළුය. සැලසුම් කිරීම අවශ්‍ය වේ, නමුත් උපකල්පනයේ පාපය වන්නේ අපි පාලනය කරන්නේ යයි උපකල්පනය කිරීමයි. “නුමුත් දැන් නුඹලාගේ අහංකාර කථාවලින් නුඹලා පාරට්ටුකරගන්නහුය. එබඳු සියලු පාරට්ටුකිරීම් නපුරුය” (16 පදය) කියා යාකොබ් අපට අනතුරු අඟවන්නේ එබැවිනි.

මෙම පව්කාර පුරුද්දෙන් වැළකී සිටීමට මාර්ගය වන්නේ දෙවියන්වහන්සේ සමඟ කෘතඥපූර්වකව සහභාගී වීමයි. කෘතඥතාවය අපට මතක් කර දෙන්නේ උන්වහන්සේ “සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද ” (1 : 17) යන දෙකෙහිම මූලාශ්‍රය බවයි. අපි දෙවියන්වහන්සේ වෙතට පැමිණෙන විට, අපගේ වර්තමාන සහ අනාගත සැලසුම්වලට පමණක් ආශීර්වාද නොකර උන්වහන්සේ කරන දෙයට උන්වහන්සේ සමඟ එකතු වීමට අපට උපකාර කරන ලෙසට ඉල්ලා සිටිමු. “ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම්” (4.:15) කියා යාච්ඤා කිරීම යන්නෙන් අදහස් කරන්නේ මෙයයි.