සැක්, විහිළුවට බර, දක්ෂ සහ කවුරුත් කැමති වූ දරුවෙක් විය. නමුත් ඔහු රහසින් මානසික අවපීඩනය සමඟ සටන් කළේය. වයස අවුරුදු පහළොවේදී ඔහු සියදිවි නසාගත් පසු, ඔහුගේ මව, ලෝරි, ඔහු ගැන පැවසුවේ, “ඔහු ඉදිරියේ සැම දෙයක්ම ඔහුගේ වාසියට තිබුණ කෙනෙකු එම තත්ත්වයට පැමිණෙන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම අපහසු වන්නේය. සැක් … සියදිවි නසාගැනීමෙන් නිදහස් නොවූයේය”. නිහඬව සිටින අවස්ථාවලදී ලෝරි තම දුක දෙවියන්වහන්සේට පවසන්නීය. සියදිවි නසාගැනීමෙන් පසු ඇති වන ගැඹුරු ශෝකය නම් “සම්පූර්ණයෙන්ම වෙනස් මට්ටමේ ශෝකයක්” බව ඇය පවසයි. එහෙත්, ඇය සහ ඇගේ පවුලේ අය ශක්තිය සඳහා දෙවියන්වහන්සේ සහ අන් අය මත රඳා සිටීමට ඉගෙනගෙන ඇති අතර, දැන් ඔවුන් මානසික අවපීඩනයෙන් පෙළෙන අන් අයට ආදරය කිරීමට ඔවුන්ගේ කාලය භාවිතා කරති.

ලෝරිගේ ආදර්ශ පාඨය “ආදරය සහ රඳා සිටීම” බවට පත්ව ඇත. මෙම අදහස පැරණි ගිවිසුමේ රූත්ගේ කතාවේ ද දක්නට ලැබේ. නායෝමිට ඇගේ ස්වාමිපුරුෂයා සහ පුතුන් දෙදෙනා අහිමි විය – ඉන් එක් පුතෙක් රූත් සමඟ විවාහ වූ අයෙක් විය (රූත් 1 : 3-5). නායෝමි දැඩි මානසික අවපීඩනයට පත් වූ අතර, තම ලේලී වන රූත්ගෙන් අයැද සිටියේ ඇයව රැක බලා ගත හැකි ඇගේ මවගේ පවුල වෙත ආපසු යන ලෙසයි. රූත්, ශෝකයෙන් සිටියද, ඇගේ නැන්දම්මාව අත නොහැර ඇය සමඟ සිටීමට සහ ඇයව රැකබලා ගැනීමට කැප විය (රූත් 1:14-17 පද). නායොමිගේ මව් බිම වන බෙත්ලෙහෙම වෙත යෑමට ඔවුන් තීරණය කළද, රූත් එහි විදේශිකයෙකු වූවාය. ඒ නමුත් ප්‍රේම කිරීමටත් නැඹුරු වීමටත් ඔවුන්ට එකිනෙකා සිටි අතර, දෙවියන්වහන්සේ ඔවුන්ට සැපයූ සේක. (රූත් 2:11-12).

අපගේ දුක්ඛිත කාලවලදී, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ස්ථිරව පවතින්නේය. අපට උන්වහන්සේගේ ශක්තියෙන් අන් අය කෙරෙහි නැඹුරු වීමටත් ඔවුන්ට ආදරය දැක්වීමටත් උන්වහන්සේ මත රඳා සිටීමටත් අපට උන්වහන්සේම සැමවිටම සිටින සේක.