1879 දී, විලියම් බීල්ව නරඹන අය සමහර විට සිතන්න ඇත්තේ ඔහු මෝඩයෙක් කියාය. උද්භිද විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා විවිධ බීජ වලින් බෝතල් විස්සක් පුරවා ගැඹුරු පස්වල වළලනු ඔවුන් දකිනු ඇත. ඔවුන් නොදැන සිටි දෙය නම් බීල් විසින් සියවස් ගණනාවක් පුරා මෙම බීජ වලට ජීවත් විය හැකිද කියා අත්හදා බැලීමක් සිදු කරන බවයි. සෑම වසර විස්සකට වරක් බෝතලයක් හාරා එහි බීජ පැලකර, පසුව කුමන බීජ ප්‍රරෝහණය වේද කියා නිරීක්ෂණය කළේය.

යේසුස්වහන්සේ බීජ සිටුවීම ගැන බොහෝ දේ කතා කළ අතර, බොහෝ විට බීජ වැපිරීම “වචනය” පැතිරීමට සමාන කළ සේක (මාර්ක් 4:15). උන්වහන්සේ ඉගැන්වූයේ සමහර බීජ සාතන් එකෙණෙහිම ඇවිත් පැහැර ගන්නා බවත්, අනෙක් බීජ මුල් බැස නොගන්නා බවත්, අනෙක් ඒවා අවට ජීවිතය නිසා බාධා වලට හසුවී යටකරන බවත්ය (15-19 පද). අපි ශුභාරංචිය ප්‍රචාරය කරන විට, කුමන බීජ නොනැසී පවතින්නේද යන්න අප මත රඳා නොපවතී. අපගේ කාර්යය හුදෙක් ශුභාරංචිය වැපිරීමයි; එනම්, යේසුස්වහන්සේ ගැන අන් අයට පැවසීමයි. “නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශකරන්න” යන්නයි (මාර්ක් 16:15).

2021 දී, බීල්ගේ තවත් බෝතලයක් හාරා ගන්නා ලදී. බීජ පර්යේෂකයින් බීජ රෝපණය කරන ලද අතර සමහර ඒවා වසර 142 කට වඩා වැඩි කාලයක් පැවතුන ඒවාය. දෙවියන්වහන්සේ අප හරහා ක්‍රියා කරන අතර අප අපගේ ඇදහිල්ල අන් අය සමඟ බෙදා ගන්නා විට, අප බෙදාගන්නා වචනය මුල් බැස ගනීද හෝ එය වෙන්නේ කවදාදැයි අපි නොදනිමු. නමුත් අපි දිරිමත් විය යුත්තේ අපගේ ශුභාරංචිය වැපිරීම වසර ගණනාවකට පසුව වුවද, කෙනෙකු විසින් වචනය අසා, “පිළිගෙන, ඵල දරයි” (මාර්ක් 4.20) යන්න ගැනය.