සැක් එල්ඩර් සහ ඔහුගේ මිතුරන් ග්‍රෑන්ඞ් කැන්යන් නමැති වැව හරහා දින විසිපහක ඔරු පැදීමෙන් පසු වෙරළට ආපසු පැමිණියහ. ඔවුන්ගේ පාරු ගොඩ ගැනීමට පැමිණි පුද්ගලයා ඔවුන්ට කෝවිඞ්-19 වෛරසය ගැන කීවේය. ඔවුන් සිතුවේ ඔහු විහිළුවක් කරන බවයි. නමුත් ඔවුන් කැනියන් වැවෙන් පිටව යන විට ඔවුන්ගේ දුරකථන ඔවුන්ගේ දෙමාපියන්ගේ හදිසි පණිවිඩ සමඟ නාද විය. සැක් සහ ඔහුගේ මිතුරන් මවිතයට පත් වූහ. නැවත ගඟට ගොස් ඔවුන් දැන් දන්නා දේවලින් මිදීමට ඔවුන් ප්‍රාර්ථනා කළහ.

වැටුණු ලෝකයක, දැනුම බොහෝ විට වේදනාව ගෙන දෙයි. දේශනාකාරයා පොතේ බුද්ධිමත් ගුරුවරයා, “මක්නිසාද බොහෝ ප්‍රඥාවෙන් බොහෝ දුක් පැමිණෙන්නේය. දැනගැන්ම වැඩිකර ගන්නා ශෝකය වැඩිකරගන්නේය” යැයි (1:18) නිරීක්ෂණය කළේය. දරුවෙකුගේ ප්‍රීතිමත් නොදැනුවත්කමට ඊර්ෂ්‍යා නොකළේ කවුද? ඇය තවමත් ජාතිවාදය, ප්‍රචණ්ඩත්වය සහ පිළිකා ගැන දන්නේ නැත. අපි හැදී වැඩී අපගේම දුර්වලතා සහ දුෂ්ටකම් හඳුනා ගැනීමට පෙර අපි සතුටින් සිටියා නොවේද? අපි අපේ පවුලේ රහස් ඉගෙන ගන්න කලින් — අපේ මාමා අධික ලෙස බොන්නේ ඇයි හෝ අපේ දෙමාපියන්ගේ දික්කසාදයට හේතුව කුමක්ද? යන්න ගැන දැන ගැනීමට ප්‍රථමයෙන් සතුටින් සිටියා නොවේද?

දැනුමෙන් ලැබෙන වේදනාව ප්‍රාර්ථනාවෙන් අහක් කළ නොහැක. අපි ඒවා දැනගත් පසු, අපි එසේ නොදන්නා ලෙස පෙනී සිටීමෙන් පලක් නැත. නමුත් විඳදරාගැනීමට, දියුණු වීමට පවා අපට ශක්තිය ලබා දෙන උසස් දැනුමක් තිබේ. යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ වචනයයි, අපගේ අන්ධකාරයේ බැබළෙන ආලෝකයයි (යොහන් 1:1-15). ඒ තැනැන්වහන්සේ “දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද දෙනු ලැබූ සේක” (1 කොරින්ති 1:30). ඔබේ වේදනාව, යේසුස්වහන්සේ වෙත දිව යාමට හේතුව විය යුතුයි. උන්වහන්සේ ඔබව හඳුනන අතර ඔබ ගැන සැලකිලිමත් වේ.