ලෝක සතුට වාර්තාවට අනුව ඩෙන්මාර්කය ලෝකයේ සතුටින්ම සිටින රටවල් අතර වේ. ඩෙන්මාර්ක ජාතිකයන් ඔවුන්ගේ දිගු, අඳුරු ශීත කාලය මිතුරන් සමඟ බෙදා ගැනීමට උණුසුම් බීම හෝ ආහාර වේලක් භුක්ති විඳීමට රැස් වෙති. එම අවස්ථා හා බැඳුනු හැඟීම් සඳහා ඔවුන් භාවිතා කරන වචනය හයිග්ගි (හු-ගා) යන්නයි. පහත් අක්ෂාංශ වලදී ඔවුන්ගේ සගයන්ට වඩා අඩු හිරු එළිය භුක්ති විඳීමේ බලපෑම සමනය කිරීමට හයිග්ගි නොහොත් මෙම මිතුරන් සමඟ හමුවීම ඔවුන්ට උපකාර කරයි. ආදරණීයයන් සමඟ සරල මේසයක් වටා රවුමට වාඩි වීමෙන් ඔවුන්ගේ හදවත් පෝෂණය වේ.

හෙබ්‍රෙව් ලේඛකයා ප්‍රජාවක් ලෙස එකට එකතු වීමට දිරිගන්වයි. කාලගුණයට වඩා බොහෝ දරුණු අභියෝග සමග දුෂ්කර දින ඇති බව ඔහු පිළිගනී. එම නිසා ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන අයට ඇදහිල්ලේ නොසැලී සිටීමට ඔහු ඉල්ලා සිටියේය. ගැළවුම්කරුවාණන් කෙරෙහි අපගේ ඇදහිල්ල තුළින් දෙවියන්වහන්සේ විසින් අපගේ පිළිගැනීම යේසුස්වහන්සේ සහතික කර ඇතත්, අපට ලැජ්ජාව හෝ සැකය හෝ සැබෑ විරුද්ධත්වය හෝ සමඟ අරගල කිරීමට සිදුවිය හැකිය. එකට එකතු වීමෙන්, එකිනෙකාව දිරිගැන්වීමේ වරප්‍රසාදය අපට ඇත. අපි ඇසුරු කරන විට, අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන “ප්‍රේමයටද සහ යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ ” තබාගත හැකිය (හෙබ්‍රෙව් 10: 24).

මිතුරන් සමඟ එකතු වීම “සතුටු වාර්තාවක” ශ්‍රේණිගත කිරීමක් ගැන අපට සහතික වෙන්නේ නැත. කෙසේ වෙතත්, එය ජීවිතයේ පොදු කලකිරීම් යටතේ ඇදහිල්ලෙන් අපව දරා ගැනීමට මාර්ගයක් ලෙස බයිබලය ඉදිරිපත් කරන දෙයකි. දේවස්ථානයක ප්‍රජාවේ සහය සෙවීම මොනතරම් අපූරු හේතුවක්ද! එසේත් නැතිනම් එකිනෙකාගේ හදවත් පෝෂණය කිරීමට, ඩෙන්මාර්කයේ සරල ආකල්පයකින් අපගේ නිවෙස් විවෘත කළ හැකිය.