මම පිළිකා සත්කාර මධ්‍යස්ථානයට පැමිණියෙමි. එහිදී මම මගේ මවගේ භාරකරු ලෙස මෙම මධ්‍යස්ථානයේ සේවය කරමින් නැවතී සිටිමි. මෙහිදී මට තනිකම සහ බිය දැණුනි. මම සැතපුම් 750 කට වඩා එහායින් මගේ පවුල සහ නිවස හැර ගියෙමි. නමුත් මම මගේ ගමන් මලු ඇල්ලීමටත් පෙර, විශාල සිනහවක් ඇති මිනිසෙකු වූ ෆ්‍රෑන්ක් මට උදව් කිරීමට ඉදිරිපත් විය. අපි හයවන මහලට ළඟා වූ විට, ඔහුගේ ප්‍රතිකාර අතරතුර ඔහුව රැකබලා ගත් ඔහුගේ බිරිඳ වන ලෝරි හමුවීමට මම සැළසුම් කර ගත්තෙමි. දෙවියන්වහන්සේ සහ එකිනෙකා මත රැඳුනු විට මෙම යුවළ ඉක්මනින්ම මට පවුලක් මෙන් විය. අපි එකට සිනාසුණෙමු, හැඟීම් පිට කළෙමු, හැඬුවෙමු, යාච්ඤා කළෙමු. අප සියලුදෙනාම අවතැන් වූ බවක් දැනුණද, දෙවියන්වහන්සේ හා අප එකිනෙකා අතර තිබූ සම්බන්ධය ප්‍රේමයෙන් අප එකිනෙකාට දැක්වූ සහයෝගයට රුකුලක් විය.

රූත් ඇගේ නැන්දම්මා වන නායොමිව රැකබලා ගැනීමට කැප වූ විට, ඇය තමාට හුරුපුරුදු දේවල්වල ආරක්ෂාව අත් හැරියාය. “ඈ ගොස් කෙතට පැමිණ ගොයම් කපන්නන් පස්සේ කරල් ඇහින්දාය” (රූත් 2:3). ගොයම් කපන්නන්ගේ ප්‍රධානියා විසින් ඉඩම් හිමි බෝවස්ට පැවසුවේ: “මෑ: ගොයම් කපන්නන් පස්සේ ගොයම් මිටි අතරේ කරල් ඇහිඳ එකතුකරන්ට මට අවසර ලැබේවයි කියා ඇවිත් ගෙයි ටිකක් ප්‍රමාදවුණා මිසක් උදය පටන් මේ වන තුරු කරල් ඇහිඳිමින් සිටින්නීයයි කීවේය” (7 පදය). රූත් තම නැන්දම්මා වන නායොමිට සැළකිල්ල දැක්වුවා මෙන් තමා ගැන සොයා බැලූ අය සමඟ සිටිමින් ආරක්ෂිත ස්ථානයක් සොයා ගත්තාය (8-9 පද). එසේම දෙවියන්වහන්සේ බෝවස්ගේ ත්‍යාගශීලීත්වය තුළින් රූත්ටත් නායොමිටත් සැපයු සේක (14-16 පද). ජීවිතයේ තත්ත්වයන් බොහෝ දුරට අපට හුරුපුරුදු නැති ස්ථානවලට එනම්, අපගේ සුවපහසු කලාපවලින් ඔබ්බට මාර්ග සැපයිය හැකිය. අපි දෙවියන්වහන්සේටත් එකිනෙකාටත් සම්බන්ධ වී සිටිමින්, එකිනෙකාට සහයෝගය දෙන විටදී උන්වහන්සේගේ ප්‍රේමය තුළ අපි මුල් බැස ගන්නෙමු.