සෑම වසරකම පෘථිවියේ සෑම පුද්ගලයෙකුටම ලෙගෝ කෑලි (බිල්ඩින් බ්ලොක්ස්) දහයක් පමණ අලෙවි කරනු ලැබේ – එනම්, කුඩා ප්ලාස්ටික් කැබලි (ගඩොලක හැඩයක් ඇති) බිලියන හැත්තෑ පහකට වඩා වැඩිය. නමුත් ඩෙන්මාර්කයේ සෙල්ලම් බඩු සාදන්නෙකු වන ඔලේ කර්ක් ක්‍රිස්ටියන්සන්ගේ නොපසුබට උත්සාහය නොවුණේ නම් ලෙගෝ කෑලි එකට ඇමිණිමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.

ක්‍රිස්ටියන්සන් ඩෙන්මාර්කයේ බිලුන්ඞ් නැමැති ප්‍රදේශයෙහි “ලෙග් ගොඩ්ට්” නිර්මාණය කිරීමට පෙර දශක ගණනාවක් වෙහෙස මහන්සි වී වැඩ කළේය. “ලෙග් ගොඞ්ට්”හි තේරුම “හොඳින් සෙල්ලම් කරන්න” යන්නයි. ඔහුගේ වැඩ පොළ දෙවරක් ගින්නෙන් විනාශ විය. ඔහු බංකොලොත් භාවය සහ අමු ද්‍රව්‍යවලට හිඟයක් ඇති කළ ලෝක යුද්ධයකට මුහුණ දුන්නේය. අවසානයේදී, 1940 අගභාගයේදී ඔහුට ස්ව්‍යං-අගුළු ප්ලාස්ටික් ගඩොල් (එකට අමුණුවන්නට පුළුවන් කුඩා ගඩොල් හැඩය ඇති ප්ලාස්ටික් කෑලී) සඳහා අදහස පහල විය. 1958 දී, ඔලේ කර්ක් මිය යන විට ලෙගෝ යන්න නිවෙස්වල භාවිතා කළ වචනයක් බවට පත්විය.

ක්‍රියාවේ සහ ජීවිතයේ අභියෝගයන්වලට නොසැලී සිටීම දුෂ්කර විය හැකිය. එය අපගේ අධ්‍යාත්මික ජීවිතය තුළද සත්‍යයක් වන්නේ යේසුස්වහන්සේ මෙන් අප වැඩි වැඩියෙන් වර්ධනය වීමට උත්සාහ කරන විටදීය. කරදර අපට පහර දෙන අතර, අපට නොසැලී සිටීමට දෙවියන්වහන්සේගේ ශක්තිය අවශ්‍යයි. යාකොබ් “පරික්ෂාව ඉවසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය” (යාකොබ් 1:12) කියා ලීවේය. සමහර විට අප මුහුණ දෙන ප්‍රශ්න සබඳතා හෝ මූල්‍ය හෝ සෞඛ්‍යයේ හෝ පසුබෑමක් විය හැකිය. සමහර විට ඒවා අපගේ ජීවිතයෙන් දෙවියන්වහන්සේට ගෞරව කිරීමේ අපගේ ඉලක්කය මන්දගාමී කරන පරීක්ෂාවන් විය හැකිය.

නමුත් දෙවියන්වහන්සේ එවැනි කාල වලට මුහුණදීම සඳහා ප්‍රඥාව ලබා දීමට පොරොන්දු වන සේක (5 පදය), අපට අවශ්‍ය දේ උන්වහන්සේ සපයන බැවින් උන්වහන්සේව විශ්වාස කරන ලෙසට උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින සේක (6 පදය ). ඒ සියල්ල හරහා, අපගේ ජීවිතය තුළින් උන්වහන්සේට ගෞරව කිරීමට නොපසුබට උත්සාහයක් ගැනීමට, අපට උපකාර කිරීම සඳහා, අප උන්වහන්සේට ඉඩ සලස්වන විට, අප සැබෑ ආශීර්වාදය සොයා ගන්නෙමු ( 12 පදය ).