මගේ බිරිඳ සහ මම වරක් නැවතී සිටියේ විශාල ජනේල සහ ඝන ගල් බිත්ති සහිත මුහුදු වෙරළේ පිහිටි පැරණි සුන්දර හෝටලයකය. එක් දවාලක, කුණාටුවක් කලාපය හරහා කඩා වැදුණු අතර, මුහුද රළු කරමින්, අපගේ ජනේලවලට සැඩ පහර වැදුනේ කෝපයෙන් දොරට තදින් ගසනවාක් මෙන්ය. එහෙත් අපි සමාදානයෙන් සිටියෙමු. එම බිත්ති ඉතා ශක්තිමත් වූ අතර හෝටලයේ අත්තිවාරම් ඉතාමත් ඝණ විය! පිටත කුණාටු ඇති වී තිබුණත්, අපගේ කාමරය ආරක්ෂිත ස්ථානයක් විය.

රැකවරණය යනු දෙවියන්වහන්සේගෙන්ම ආරම්භ වන ශුද්ධ ලියවිල්ලේ වැදගත් තේමාවකි. යෙසායා අනාගතවක්තෘ විසින් දෙවියන්වහන්සේ ගැන මෙසේ කීය: “මක්නිසාද ඔබවහන්සේ භයානකයන්ගේ චණ්ඩ මාරුතය තාප්පයකට ගසන කුණාටුවක් මෙන් තිබියදී දුප්පතාට බලකොටුවක්ව දිළිඳාට ඔහුගේ විපත්තියේදී බලකොටුවක්ව, කුණාටුවේදී රක්ෂාස්ථානයක්ව, ග්‍රීෂ්මයේදී සෙවණක්ව සිටිසේක” (යෙසායා 25:4). ඊට අමතරව, රැකවරණය යනු ඊශ්‍රායෙලයේ පුරාණ සරණාගත නගර හරහා හෝ (ගණන් කථාව 35:6) අවශ්‍යතා ඇති “විදේශිකයන්ට” ආගන්තුක සත්කාරය පිරිනැමීමෙන් හෝ වේවා, දෙවියන්වහන්සේගේ සෙනඟ විසින් සපයන ලද සහ සැපයිය යුතු දෙයකි (ද්විතීය කථාව 10:19). අද අපේ ලෝකයට මානුෂීය අර්බුද ඇති වන විට මෙම මූලධර්මය අපට මඟ පෙන්විය හැකිය. එවැනි කාලවලදී, අනාරක්ෂිත අයට ආරක්ෂාව සොයා ගැනීමට උපකාර කිරීම සඳහා රැකවරණයේ දෙවියන්වහන්සේ අපව, එනම්, උන්වහන්සේගේ සෙනඟව භාවිතා කරන ලෙස අපි යාච්ඤා කරමු.

පසුදා උදෑසන අපගේ හෝටලයට වැදුණු කුණාටුව පහව ගියේ නිස්කලංක මුහුදක් සහ මුහුදු ලිහිණියන් දිලිසෙන උණුසුම් හිරු එළියක්ද අපට ලබා දෙමිනි. ස්වාභාවික විපත්වලට මුහුණ දෙන අය හෝ “අනුකම්පා විරහිත” පාලන තන්ත්‍රවලින් පලා යන අය ගැන හෝ මා සිතන විට එය මා සිතේ තබාගෙන සිටින රූපයක් වන්නේ (යෙසායා 25:4): ඔවුන්ට දැන් ආරක්ෂාව සොයා ගැනීමට උපකාර කිරීමට රැකවරණයෙහි දෙවියන්වහන්සේ අපට බලය සහ දීප්තිමත් හෙට දවසක් ලබා දෙන බවට යාච්ඤා කරමිනි.