1889 දී එක්සත් ජනපදයේ වඩාත්ම දැවැන්ත පුද්ගලික නිවස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ විය. දිනකට ගඩොල් 32,000ක් පමණ එම ස්ථානයේදීම නිෂ්පාදනය කරන ලදී. වසර හයකට පසු ජෝර්ජ් වැන්ඩර්බිල්ට් ගේ “ගිම්හාන නිවස“ අවසන් වන තෙක් වැඩ කටයුතු එලෙසම සිදු විය. එහි ප්‍රතිඵලය වූයේ ඇමෙරිකාවේ උතුරු කැරොලයිනාවේ ඇශ්විල් හි බිල්ට්මෝර් වතුයායයි. අද දක්වාම, එය කාමර 250 ක් (නිදන කාමර 35 ක් සහ නාන කාමර 43 ක් ඇතුළුව) විශ්මිත ලෙස පරිභෝජනය කරන ඇමරිකාවේ විශාලතම පුද්ගලික නිවස ලෙස පවතියි. එය තනා ඇත්තේ වර්ග අඩි 178,926 (වර්ග මීටර් 16,226) බිම් අවකාශයකය.

මෙම ව්‍යාපෘතිය, දැවැන්ත වූවත්, යේසුස්වහන්සේ මතෙව් 16 හි සිය ගෝලයන්ට ප්‍රකාශ කළ “ගොඩනැඟීමේ” අභිප්‍රායන් හා සසඳන විට එහි කිසිම වටිනාකමක් නැත. යේසුස්වහන්සේ “ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයා වන මෙසියස්” (16 පදය) බව පේත්‍රැස් තහවුරු කළ පසු, යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක, එනම්, “මම ඔබට කියමි: නුඹ පේතෘස්ය, තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි; පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය” (18 පදය) කියාය. දේවධර්මවාදීන් “පර්වතයේ” අනන්‍යතාවය ගැන විවාද කරන අතරේ, යේසුස්වහන්සේගේ අභිප්‍රාය ගැන විවාදයක් නොමැත. උන්වහන්සේගේ සභාව පෘථිවියේ කෙළවර දක්වා විහිදෙන තෙක් ගොඩනැඟෙනු ඇත (මතෙව් 28:19-20), ලොව පුරා සිටින සෑම ජාතියකටම සහ ජනවාර්ගික කණ්ඩායමකටම අයත් මිනිසුන් මෙම සභාවට අයිතිවනවා ඇත (එළිදරව් 5:9).

මෙම ගොඩනැගිලි ව්‍යාපෘතියේ වියදම? කුරුසිය මත වූ යේසුස්වහන්සේගේම රුධිර පූජාවයි (ක්‍රියා 20:28). මෙතරම් විශාල මිළකට මිළ දී ගත් උන්වහන්සේගේ “ගොඩනැගිල්ලේ” (එපීස 2:21) සාමාජිකයන් වශයෙන්, අපි උන්වහන්සේගේ ප්‍රේමණීය පරිත්‍යාගය සමරමින් මෙම ශ්‍රේෂ්ඨ මෙහෙවරට උන්වහන්සේ සමඟ එක් වෙමු.