මගේ මවගේ අවමංගල්‍යය දැන්වීම ලියන විට, මට හැඟුණේ “මිය ගියා” කියන වචනය ස්වර්ගයේදී අපගේ නැවත එක්වීම ගැන ඇති පොරොන්දුව ගැන මා තුළ තිබූ බලාපොරොත්තුවට වඩා අවසානයක් දෙන බවයි. ඒ නිසා, මා මෙසේ ලිවෙමි: “ඇයව යේසුස්වහන්සේගේ දෑතට පිළිගන්නා ලදී”. තවමත්, සමහර දිනවල මගේ මව ඇතුළත් නොවන වඩාත් වර්තමාන පවුලේ ඡායාරූප දෙස බලන විට මම දුක් වූයෙමි. කෙසේ වෙතත්, මෑතකදී, අපට අහිමි වූ අයව ඇතුළත් කර පවුලේ ඡායාරූප නිර්මාණය කරන චිත්‍ර ශිල්පියෙකු මම සොයා ගතිමි. කලාකරුවා අපට පෙර මිය ගිය ආදරණීයයන්ගේ ඡායාරූපයන් පවුලේ පින්තූරයට පින්තාරු කිරීමට භාවිතා කරයි. තීන්ත බුරුසුවක ආධාරයෙන්, මෙම කලාකරුවා ස්වර්ගීය නැවත එක්වීමක් පිළිබඳ දෙවියන්වහන්සේගේ පොරොන්දුව නියෝජනය කරයි. මගේ අම්මා නැවතත් මා අසලින් සිනාසෙනු දැකීමෙන් මම කෘතඥාවෙන් කඳුළු හෙලන්නෙමි.

පාවුල් අපෝස්තුළුවරයා තහවුරු කරන්නේ යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් “අනෙකුත් මනුෂ්‍ය වර්ගයා මෙන්” දුක් විය යුතු නැති බවයි (1 තෙසලෝනික 4:13). “මක්නිසාද යේසුස්වහන්සේ මැරී නැවත නැගුටුණුසේකැයි අපි අදහමු නම්, එසේම දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ කරණකොටගෙන, සැතපී සිටින්නන් උන්වහන්සේ සමඟ ගෙනෙන සේක” (14 පදය). පාවුල් යේසුස්වහන්සේගේ දෙවන පැමිණීම පිළිගන්නා සියලුම ඇදහිලිවන්තයන් යේසුස්වහන්සේ සමඟ නැවත එක්වන බව ඔහු ප්‍රකාශ කරයි (17 පදය).

යේසුස්වහන්සේව විශ්වාස කළ ප්‍රේමණීය කෙනෙකුගේ වියෝව ගැන දුක් වන විට, ස්වර්ගීක නැවත එක්වීමක් පිළිබඳ දෙවියන්වහන්සේගේ පොරොන්දුව අපට සහනයක් විය හැක. අපගේ උත්ථානවූ රජු සමඟ අපට පොරොන්දු වන ලද අනාගතයේ, අපි අපගේම අමරණීයත්වයට මුහුණ දෙන විට, එය යේසුස්වහන්සේ පැමිණෙන දිනය දක්වා හෝ අපව කැඳවන දවස දක්වා හෝ ස්ථිර බලාපොරොත්තුවක් ලබා දෙයි.