ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් මිථ්‍යාදෘෂ්ටිකයෙකු ලෙස ගත කළද, රෝම අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින් (ක්‍රි.ව. 272-337) ක්‍රිස්තියානීන්ට පීඩා කිරීම ක්‍රමානුකූලව නැවැත්වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේය. එසේම අපි භාවිතා කරන දින දර්ශනයද ඔහු පිහිටුවන ලදී, මුළු ඉතිහාසයම ක්‍රිස්තු පූර්ව (ක්‍රිස්තුස්වහන්සේට පෙර) සහ ක්‍රිස්තු වර්ෂ (Anno Domini – ඇනෝ ඩොමිනි, හෝ “ස්වාමින්ගේ වර්ෂයේ”) ලෙස බෙදන ලදී.

මෙම ක්‍රමය අනාගමික කිරීමේ පියවරක් වශයෙන් එහි නම් පොදු යුගය ලෙසත් සහ පොදු යුගයට පෙර ලෙසත් වෙනස් කර ඇත. ලෝකය දෙවියන්වහන්සේව ඈත් කරන ආකාරය පිළිබඳ තවත් උදාහරණයක් ලෙස සමහරු මෙය පෙන්වා දෙති.

නමුත් දෙවියන්වහන්සේ කොහේවත් ගොස් නැත. නම කුමක් වුවත්, අපගේ දින දර්ශනය තවමත් කේන්ද්‍රගත වන්නේ යේසුස්වහන්සේගේ මිහිපිට ජීවිතයේ යථාර්ථය වටා ය.

බයිබලයේ, එස්තර් පොතේ අසාමාන්‍ය දෙයක් වන්නේ එහි දෙවියන්වහන්සේ ගැන නිශ්චිත සඳහනක් නොමැති වීමයි. එහෙත් එය පවසන කතාව දෙවියන්වහන්සේගේ ගැළවීම පිළිබඳවයි. තම මව්බිමෙන් පිටුවහල් කරන ලද යුදෙව් ජනතාව උන්වහන්සේව නොසලකන රටක ජීවත් වූහ. බලවත් රාජ්‍ය නිලධාරියෙකුට ඔවුන් සියල්ලන්ම මරා දැමීමට ඕනෑකමක් තිබුණි (එස්තර් 3:8-9; 12-14). එහෙත් එස්තර් රැජින සහ ඇගේ ඥාති සොහොයුරා වන මොර්දෙකයි හරහා දෙවියන්වහන්සේ තම සෙනඟව මුදා හැරියසේක, එය යුදෙව් නිවාඩු දිනයක් වන පූරිම්හි අද දක්වාම සමරනු ලැබේ (9:20-32).

ලෝකය දැන් උන්වහන්සේට ප්‍රතිචාර දැක්වීමට තෝරා ගන්නා ආකාරය කුමක් වුවත්, යේසුස්වහන්සේ සියල්ල වෙනස් කළ සේක. උන්වහන්සේ අපට හඳුන්වා දුන්නේ අසාමාන්‍ය යුගයකි, එනම්, සැබෑ බලාපොරොත්තුවෙන් සහ පොරොන්දුවෙන් පිරුණු යුගයකි. අප කළ යුතු එකම දේ නම් අප අවට බැලීමයි. අපි උන්වහන්සේව දකින්නෙමු.