ළමා කාලයේදී පාසල් යාම මට බියක් ගෙන දුන්නේය. සමහර ගැහැණු ළමයි මාව කුරිරු විහිළුවලට ලක් කරමින් මට හිරිහැර කළේය. ඒ නිසා, විවේක කාලයේදී, මම පුස්තකාලයේ රැකවරණය ලබා ගත්තෙමි. එහිදී මම ක්‍රිස්තියානි කතන්දර පොත් මාලාවක් කියෙව්වෙමි. මම මුලින්ම “යේසුස්” කියන නම කියවූ දිනය මට මතකය. කෙසේ හෝ වේවා ඒ මට ප්‍රේම කරන කෙනෙකුගේ නමක් කියා මම දැන ගෙන සිටියෙමි. ඊළඟ මාස කිහිපය තුළ, මම ඉදිරියේ ඇති වද හිංසාවලට බියෙන් පාසලට ඇතුළු වන සෑම විටම, “යේසුනි, මාව ආරක්ෂා කරන්න” කියා යාච්ඤා කළෙමි. උන්වහන්සේ මා දෙස බලා සිටින බව දැන සිටි නිසා මට ශක්තිමත් සහ සන්සුන් බවක් දැනුණි. කාලයාගේ ඇවෑමෙන්, ගැහැණු ළමයින් මට හිරිහැර කිරීමෙන් වෙහෙසට පත් වී එය නතර කළහ.

වසර ගණනාවක් ගත වී ඇති අතර, උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කිරීම දුෂ්කර කාලවලදී මාව දරා ගත්තේය. උන්වහන්සේගේ නාමය විශ්වාස කිරීම යනු උන්වහන්සේගේ චරිතය ගැන උන්වහන්සේ පවසන දේ සත්‍ය බව විශ්වාස කරන අතර, උන්වහන්සේ තුළ විවේක ගැනීමට මට ඉඩ දෙන්නේය යන්නයි.

දෙවියන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාසය තැබීමේ ආරක්ෂාව ගැන දාවිත් ද දැන සිටියේය. එතුමා ගීතාවලිය 9 ලියූ විටදී, ඔහු ඒ වන විටත් දෙවියන්වහන්සේ යුක්ති සහගත හා විශ්වාසවන්ත සර්වබලධාරී පාලකයාණන් ලෙස අත්දැක තිබුණි
(7-8; 10; 16 පද). මෙසේ දාවිත් තම සතුරන්ට එරෙහිව සටනට යාමෙන් දෙවියන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාසය පෙන්වූයේ, ඔහුගේ ආයුධ හෝ යුධ කුසලතාවයන් ගෙන් නොව, අවසානයේදී දෙවියන්වහන්සේ “පීඩා ඇත්තවුන්ට උස් කොටුවක්” ලෙස ඔහු වෙත පැමිණෙන කෙනෙකු බව විශ්වාස කරමින්ය ( 9 පදය).

කුඩා දැරියක ලෙස, මම උන්වහන්සේගේ නම කියා කතා කළ අතර, උන්වහන්සේ එයට විශ්වාසවන්ත වූ ආකාරය අත්වින්දෙමි. අපි සැමවිටම උන්වහන්සේගේ නාමය එනම්, යේසුස් යන නාමය, අපට ආදරය කරන තැනැන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරමු.