මයිකල් පොකිරිස්සන් සඳහා කිමිදෙමින් සිටියදී “හම්ප්බැක්” තල්මසෙකුගේ මුඛයට මයිකල් හසු විය. තල්මසුගේ මාංශ පේශී ඔහුව මිරිකන විට ඔහු අඳුරේම ඌව පිටුපස්සට තල්ලු කළේය. තමා මිය යාවි යයි මයිකල් සිතුවේය. නමුත් පොකිරිස්සන් අල්ලන මිනිසුන්ට තල්මසුන් කැමති නැත, තත්පර තිහකට පසු තල්මසා මයිකල්ව පිටතට වැමෑරුවේය. පුදුමයට කරුණක් නම්, මයිකල්ට අස්ථි බිඳීමක් නොතිබුණි – තිබුණේ පුළුල් තැලීම් සහ තල්මසෙකුගේ කථාවක් පමණි.

ඔහු පළමුවැන්නා නොවීය. යෝනාව “විශාල මාළුවෙකු” විසින් ගිල දමන ලදී (යෝනා 1:17), ඔහුව ගොඩබිමට වමාරන්න පෙර දින තුනක් ඔහු උගේ බඬේ සිටියේය (1:17; 2:10). අහම්බෙන් අසු වූ මයිකල් මෙන් නොව, යෝනාව ගිලගනු ලැබුවේ ඔහු ඊශ්‍රායෙල් සෙනඟගේ සතුරන්ට වෛර කළ නිසාත් ඔවුන් පසුතැවිලි වෙනවාට අකමැති වූ නිසාත් ය. නිනිවයේ දේශනා කරන ලෙසට දෙවියන්වහන්සේ යෝනාට කී විට ඔහු විරුද්ධ දිසාවට ගමන් කරන බෝට්ටුවකට නැගුණි. ඒ නිසා දෙවියන්වහන්සේ ඔහුගේ අවධානය දිනාගන්නා පිණිස තල්මසෙක් තරම් මාළුවෙක් එවූ සේක.

යෝනා අසිරියානුවන්ට වෛර කිරීම ගැන මම අගය කරමි. ඔවුන් අතීතයේ ඊශ්‍රායෙල් සෙනඟට හිරිහැර කළ අතර, වසර පනහක් ඇතුළත ඔවුන් ඊශ්‍රායෙල් රාජ්‍යයේ උතුරු ගෝත්‍රිකයන් වහල්භාවයට ගෙන ගොස් එහිදී ඔවුන්ව සදහටම අතුරුදහන් කර ඇත. අසරියානුවන්ට සමාව ලැබේවි කියා තේරුම් ගත් යෝනා කෝපයට පත් විය.

නමුත් යෝනා සියලු මිනිසුන්ගේ දෙවියන්වහන්සේට වඩා දෙවියන්වහන්සේගේ සෙනඟට පක්ෂපාතී විය. ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන්ට ප්‍රේම කරන අතරම ඔවුන්ට ගැළවීම ලබාදීමට දෙවියන්වහන්සේට අවශ්‍යය වූ සේක. උන්වහන්සේ අපේ සතුරන්ට ප්‍රේම කරන අතර ඔවුන්ව ගළවා ගැනීමට අශා වන සේක. ආත්මයාණන්ගේ සුළඟ අපගේ පිටුපසින් හමද්දී, අපි යේසුස්වහන්සේගේ ශුභාරංචිය සමඟ ඔවුන් වෙත යාත්‍රා කරමු.