1858 ජූනි 16 වන දින, ඉලිනොයිස් හි එක්සත් ජනපද සෙනෙට් සභාව සඳහා අලුතින් නම් කරන ලද රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස, ඒබ්‍රහම් ලින්කන් ඔහුගේ සුප්‍රසිද්ධ “හවුස් ඩිවයිඩඞ්” නොහොත් “බෙදුණු නිවස” කතාව ඉදිරිපත් කළේය. මෙම කථාවෙන් අවධාරණය වූයේ වහල්භාවය සම්බන්ධයෙන් ඇමරිකාවේ විවිධ කොටස් අතර පැවති ආතතිය ගැනයි. එය ලින්කන්ගේ මිතුරන් සහ සතුරන් අතර කැළඹීමක් ඇති කළේය. මතෙව් 12:25 හි යේසුස්වහන්සේ භාවිතා කළ “බෙදුණු නිවස” කථන රූපය භාවිතා කිරීම වැදගත් යැයි ලින්කන්ට හැඟුණේ එය පුළුල් ලෙස දන්නා සහ සරලව ප්‍රකාශ වූ එකක් බැවිනි. ඔහු මෙම උපමාව භාවිතා කළේ “එය මිනිසුන්ගේ සිත්වල, ඔවුන්ගේ කාලයේ අන්තරාය ගැන පොළඹවන පිණිසය.”

බෙදුණු නිවසකට නැගී සිටිය නොහැකි වන අතර, නොබෙදුණු නිවසකට නැගී සිටිය හැකිය – නොබෙදුණු නිවසක් ඒකාබද්ධ වේ. ප්‍රතිපත්තිමය වශයෙන්, දෙවියන්වහන්සේගේ ගෘහය සැළසුම් කර ඇත්තේද ඒ ආකාරයෙනි (එපීස 2:19). විවිධ පසුබිම්වල මිනිසුන්ගෙන් සැදුම්ලත් නමුත්, යේසුස්වහන්සේගේ කුරුසියේ මරණය තුළින් අපි දෙවියන්වහන්සේට (සහ එකිනෙකාට) සමගි වී සිටිමු (14-16 පද). මෙම සත්‍යය සලකා බැලීමේදී (එපීස 3 බලන්න), පාවුල් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ට මෙම උපදෙස ලබා දෙයි: “සමාදානයේ බැම්මෙන් ආත්මයාණන්ගේ එකමුතුකම පවත්වාගන්ට උත්සාහ කරන්න” ( එපීස 4 : 3).

අද, උත්සන්න වූ ආතතිය අපගේ පවුල් සහ සහෝදරයන් වැනි වෙනත් ආකාරයකින් එක්සත්ව සිටින මිනිසුන් බෙදීමට තර්ජනය කරන විට ඇදහිලිවන්තයන්ට, ආත්මයාණන්වහන්සේගේ උපකාරය තුළින් එකිනෙකා සමඟ එකමුතුකම පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රඥාව සහ ශක්තිය දෙවියන්වහන්සේට ලබා දිය හැක. මෙය අඳුරු, බෙදුණු ලෝකයක අපට ආලෝකයක් වීමට හේතු වේ.