දෙවියන්වහන්සේගේ ගැළවීමේ කාර්යයේ ශ්‍රේෂ්ඨත්වය සමරන සහ සිහිපත් කරන සාම්ප්‍රදායික යුදෙව් නිවාඩු දිනයක් වන පාස්කු මංගල්‍යය සනිටුහන් කිරීම සඳහා වූ භෝජන සංග්‍රහය අවසානයේ දේවස්ථානයේ සාමාජිකයන් රවුමක සිටිමින් එකට නටමින් ඔවුන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කළහ. බැරී නම් වූ අයෙක් ඉතා ප්‍රීතිමත් සිනාවක් සමඟින් බලාගෙන සිටියේය. ඔහු මෙම අවස්ථාවන්ට කොතරම් ආදරය කරනවාදැයි සඳහන් කරමින්, “දැන්, මෙයයි මගේ පවුල. මේ මගේ ප්‍රජාවයි. මට ආදරය කළ හැකි සහ ආදරය ලබා ගත හැකි බව මා දන්නා තැනක් මම සොයාගෙන ඇත….. නොහොත්, මා අයිති තැන” යයි කීවේය.

බැරීගේ ළමා වියේදී් කුරිරු චිත්තවේගීය හා ශාරීරික අපයෝජනයන් ඔහුගේ ප්‍රීතිය සොරා ගෙන තිබුණි. නමුත් ඔහුගේ ප්‍රදේශයේ සභාව ඔහුව පිළිගත්තේය. ඔහුට යේසුස්වහන්සේව හඳුන්වා දුන්නේය. ඔවුන්ගේ එකමුතුකම සහ ප්‍රීතිය වේගයෙන් ගලා යන බව දැනගත් ඔහු ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට පටන් ගත් අතර ඔහු ප්‍රේමය ලබන හා පිළිගනු ලබන කෙනෙක් බව ඔහුට හැඟී ගියේය.

“යහපත්කමේ හා ප්‍රසන්නවීමේ” එක්සත්කම හේතුවෙන් විශාල ලෙස ප්‍රතිඵල ඇති කරවන බලපෑම් ඇති කරන දෙවියන්වහන්සේගේ සෙනඟ නිරූපණය කිරීමට දාවිත් රජ විසින් බලවත් රූප, ගීතාවලිය 133 හි, පෙන්නුම් කරයි. ඔහු පැවසුවේ එය වටිනා තෙල්වලින් ආලේප කරන ලද කෙනෙකුගේ කරපටි මත දියර මෙන් ගලා බසිනවා හා සමානයි යනුවෙනි (2 පදය). පුරාණ ලෝකයේ මෙය පොදු කාර්යයක් ලෙස තිබුණ අතර සමහර අවස්ථාවන්වලදී නිවසට ඇතුළු වූ විට සුබ පැතීමක් ලෙසද එය යොදා ගත්තේය. දාවිත් මෙම එකමුතුකම කන්දක් මත වැටෙන ජීවිනය සහ ආශීර්වාදය ගෙන දෙන පිනි හා සමාන බවද සඳහන් කළේය (3 පදය).

තෙල්වලින් කාමරයක් පුරා සුවඳක් නිකුත් කරන අතර පිනි වියළි ස්ථානවලට තෙතමනය ගෙන එයි. සමගියටද යහපත් මෙන්ම ප්‍රසන්න ප්‍රතිඵල ඇත. එනම්, තනිව සිටින අයව පිළිගැනීම වැනි ක්‍රියාවන්. දෙවියන්වහන්සේට අප තුළින් යහපත ගෙන ඒමට හැකි වන පරිදි ක්‍රිස්තුස්වහන්සේ තුළ එක්සත් වීමට උත්සාහ කරමු.