පුදුමයට කරුණක් නම්, මෙසියස් කථා වස්තුව සඳහා වූ තනුව ලිවීමට හැන්ඩෙල් නමැති තැනැත්තාට ගත වූයේ දින විසිහතරක් පමණි – එය අද ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ සංගීත තනුව වන අතර එය ලොව වටා සෑම වසරකම දහස් වාරයක් සංදර්ශනාත්මකව පවත්වන ලදී. මෙම විශිෂ්ට කෘතිය එහි උච්චතම අවස්ථාවට පැමිණෙන්නේ ආරම්භ වී පැය දෙකකට පමණ පසුව කථා වස්තුවේ වඩාත් ප්‍රසිද්ධ කොටස වන “හලෙලූයා ගායනයෙන්” ය.

හොරණෑවන් සහ බෙර විශේෂයකින් හාලේලූයා ගායනයෙහි ආරම්භය නිවේදනය කරන විට, එළිදරව් 11:15 හි වදන් සංගීත කණ්ඩායම ගායනා කරන විට ඔවුන් සමග හඬවල් එකිනෙක පරයමින් ගායනා කරති : “උන්වහන්සේ සදාකාලයටම රජකම් කරන්නේය.” එය යේසුස්වහන්සේ සමඟ ස්වර්ගයේ සදාකාලික බලාපොරොත්තුවේ ජයග්‍රාහී ප්‍රකාශයකි.

මෙසියස් කථා වස්තුවෙ හී බොහෝ වචන පැමිණෙන්නේ එළිදරව් පොතෙනි. මෙය ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීමත් සමඟ අවසන් වන සිදුවීම් විස්තර කරමින් ඔහුගේ ජීවිතයේ අවසානයට ආසන්නව ඔහු දුටු දර්ශනයක් පිළිබඳ යොහන්ගේ වාර්තාවයි. එළිදරව් පොතේදී, යොහන් නැවත නැවතත් උත්ථානවූ යේසුස්වහන්සේ පොළොවට නැවත පැමිණීමේ තේමාව වෙත ආපසු පැමිණෙන්නේය. එහිදී ස්වර්ගීය සේනාවේ ගායන ඝෝෂාව සමඟ මහත් ප්‍රීතියක් ඇති වන බව ඔහු සඳහන් කරයි (19:1-8). ලෝකය මහත් සේ ප්‍රීතිවන්නේ යේසුස්වහන්සේ අන්ධකාරයේ සහ මරණයේ බලයන් පරාජය කර සාමයේ රාජ්‍යයක් පිහිටුවා ඇති හෙයිනි.

එක් දිනකදී, ස්වර්ගයේ සියලු ජනයා එක්ව යේසුස්වහන්සේගේ මහිමය සහ උන්වහන්සේගේ සදාකාලික පාලනයේ ආශීර්වාදය විශිෂ්ට ගායන කණ්ඩායමක් සමග ගායනා කරනු ඇත (7:9). එතෙක් අපි ජීවත් වෙමු, වැඩ කරමු, යාච්ඤා කරමු, බලාපොරොත්තුවෙන් බලා සිටිමු.