වර්ෂ 2021 අගෝස්තු මාසයේදී ටෙනසි ප්‍රාන්තයෙහි වේවර්ලි ප්‍රදේශයේ පුරෝකථනය කළ වර්ෂාපතනයට වඩා වාර්තාගත වර්ෂාපතනයක් ඇති විය. බලගතු කුණාටුවෙන් පසු විසි දෙනෙකුට ජීවිත අහිමි වූ අතර නිවාස සිය ගණනක් විනාශ විය. හෙලිකොප්ටර් නියමුවෙකු වූ ජොයෙල් බෝයර්ස්ගේ අනුකම්පාව සහ දක්ෂතාවය නොතිබුණේ නම්, මිනිස් ජීවිත විනාශය මීට වඩා විශාල වන්නට ඉඩ තිබුණි.

තම ආදරණීයයන් ගැන කනස්සල්ලෙන් සිටි කාන්තාවකගේ දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දක්වමින් ගුවන් නියමුවා තම හෙලිකොප්ටර් යානයෙන් ගුවන් ගත වූයේය. ගිනි ගන්නා නිවාස සහ ගස්වල රැඳී ඇති මෝටර් රථ දැකීමෙන් පසු, බෝයර්ස් සඳහන් කළේ, “පහළින් මඩ සහිත ඝෝෂාකාරී ජලය මිස අන් කිසිවක් පෙනෙන්නට නොතිබුණි” කියාය. කෙසේ වෙතත්, නියමුවා ඔවුන්ගේ නිවාසවල වහලේ සිටි පුද්ගලයින් දොළොස් දෙනෙකු බේරා ගැනීමට නිර්භීතව කටයුතු කළේය.

ජීවිතයේ බොහෝ විට, අප මුහුණ දෙන ජල ගැලීම් වෙනස්ය – නමුත් අහෝ, කෙතරම් සැබෑද! අවිනිශ්චිතතාවයේ සහ අස්ථාවරත්වයේ දිනවලදී, මානසිකව, චිත්තවේගීව සහ අධ්‍යාත්මිකව “අපගේ හිසට ඉහළින්” අධික ලෙස, අනාරක්ෂිත බවක් අපට දැකිය හැකිය. නමුත් අපිට බලාපොරොත්තු අත් හැරීමට අවශ්‍ය නැත.

ගීතාවලිය 18 හි, දාවිත්ගේ සතුරන් බොහෝ සහ බලවත් වූ නමුත් ඔහුගේ දෙවියන්වහන්සේ ඊටත් වඩා ශේෂ්ඨ වූ ආකාරය අපි කියවන්නෙමු. කොතරම් බලවත්ද? කෙතරම් ශ්‍රේෂ්ඨ සහ බලවත්ද (1 පදය) කියා උන්වහන්සේව විස්තර කිරීමට ඔහු බහු රූපක (2 පදය) භාවිතා කළේය. ගැඹුරු ජලයෙන් සහ බලවත් සතුරන්ගෙන් ගළවා ගැනීමට තරම් දෙවියන්වහන්සේ බලවත් විය (16-17 පද). කොතරම් බලවත්ද? ජීවිතයේ අප වටා තිබෙන (3 පදය) “ජලයේ” පරිමාව හා ගැඹුර කුමක් වුවත්, අපට යේසුස්වහන්සේගේ නාමයෙන් උන්වහන්සේට ආයාචනා කිරීමට තරම් උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක.