ස්කොට්ලන්තයේ ග්‍රීනොක්හි ප්‍රාථමික පාසලක, ප්‍රසූත නිවාඩු මත සිටින ගුරුවරියන් තිදෙනෙක් තම ළදරුවන් සති දෙකකට වරක් පාසල් ළමුන් සමඟ එකතුවීම සඳහා පාසලට ගෙන එන ලදී. ළදරුවන් සමඟ සෙල්ලම් කරන කාලය දරුවන්ට සංවේදී වීම, නැතහොත් අන් අය කෙරෙහි සැළකිල්ල සහ හැඟීමක් දැක්වීම උගන්වයි. බොහෝ විට, එක් ගුරුවරියක් පවසන පරිදි වඩාත් ප්‍රතිචාර දක්වන්නේ “ටිකක් අභියෝගාත්මක” සිසුන් ය. “ඒ බොහෝ විට පාසැල් ළමුන් එක එක මට්ටමින් වැඩිපුර අන්තර් ක්‍රියා කරන විටය”. ඔවුන් “දරුවෙකු රැකබලා ගැනීමට කොතරම් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුද” යන්න සහ “එකිනෙකාගේ හැඟීම් ගැනත්” ඉගෙන ගනියි.

අන් අය ගැන සැළකිලිමත් වීම ගැන ළදරුවෙකුගෙන් ඉගෙන ගැනීම යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ට අලුත් අදහසක් නොවේ. යේසු-බිලිඳා ලෙස පැමිණි තැනැන්වහන්සේව අපි දනිමු. උන්වහන්සේගේ උපත සැලකිලිමත් සම්බන්ධතාවය ගැන අප තේරුම් ගන්නා සෑම දෙයක්ම වෙනස් කළේය. ක්‍රිස්තුස්වහන්සේගේ උපත ගැන මුලින්ම දැනගත්තේ එඬේරුන්ය. එනම් නිහතමානී වෘත්තියක් වූ එය දුර්වල සහ අවදානමට ලක්විය හැකි බැටළුවන් රැකබලා ගැනීම සම්බන්ධව විය. පසුව, යේසුස්වහන්සේ වෙතට දරුවන් ගෙන ආ විට, ළමයි නුසුදුසු අය යයි සිතූ ගෝලයන්ව උන්වහන්සේ නිවැරදි කළ සේක. “ළදරුවන් මා ළඟට එන්ට හරින්න; ඔවුන් වලක්වන්ට එපා. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේය” (මාර්ක් 10.14).

යේසුස්වහන්සේ “ඔවුන් වඩාගෙන, ඔවුන් පිට අත් තබා, ඔවුන්ට ආශීර්වාදකළසේක” (16 පදය). අපේම ජීවිත තුළ, සමහර විට උන්වහන්සේගේ “අභියෝග සහිත” දරුවන් ලෙස, අපවත් නුසුදුසු යැයි සැළකිය හැකිය. ඒ වෙනුවට, කුඩා ළදරුවෙකු ලෙස පැමිණි තැනැන්වහන්සේ වන ක්‍රිස්තුස්වහන්සේ අපව උන්වහන්සේගේ ප්‍රේමය හේතුකොටගෙන එමගින් ළදරුවන්ටත් සියලු මිනිසුන්ටත් ප්‍රේමයෙන් සැළකීමේ බලය අපට උගන්වන සේක.