“බලන්න, සීයා! ඒ ගස් දෙවියන්වහන්සේට අත වනනවා!” එළඹෙන කුණාටුවකට පෙර සුළඟට නැමෙන බර්ච් ගස් (ඉතා විශාල ගස් වර්ගයක්) දෙස අපි බලා සිටියදී, මගේ මුනුපුරාගේ උද්යෝගිමත් නිරීක්ෂණ මට සිනහවක් ගෙනාවේය. ඒ වගේ මනඃකල්පිත ඇදහිල්ලක් මට තිබේද කියා මම මගෙන්ම ප්‍රශ්න කර ගත්තෙමි.

මෝසෙස්ගේ කතාව සහ දැවෙන පඳුර ගැන මෙනෙහි කරමින් එලිසබෙත් බැරට් බ්‍රව්නිං නමැති කිවිඳිය ලිවේ “පෘථිවිය ස්වර්ගයෙන් පිරී ඇත. / සහ සෑම පොදු පඳුරක්ම දෙවියන්වහන්සේගේ ගින්නෙන් ගිනි ගනී; / නමුත් දකින ඔහු පමණක්, ඔහුගේ පාවහන් ගලවයි” යනුවෙනි. දෙවියන්වහන්සේගේ හස්තකර්මය අප වටේටම පැහැදිලිව දකින්නට ඇත. ඒ සියල්ලම ඉතා අනර්ඝයි. යම් දිනක, පෘථිවිය අලුත් වූ විට, අපට එය පෙර නොවූ විරූ ලෙස පෙනෙනු ඇත.

මේ දවස ගැන දෙවියන්වහන්සේ අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් ප්‍රකාශ කළ සේක. “මක්නිසාද නුඹලා ප්‍රීතියෙන් පිටත්ව සමාදානයෙන් ගෙනයනු ලබන්නහුය. නුඹලාට ඉදිරියෙන් කඳු හා හෙල් ගී නාදකරන්නෝය, වනයේ සියලු ගස් අත්පොළසන් දෙන්නෝය” (යෙසායා 55:12). ගායනා කරන කඳු? අත්පොළසන් නාද කරන ගස්? මෙය පුදුමයක් වන්නේ මන්ද? පාවුල් සඳහන් කළේ “ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය යන බලාපොරොත්තුවෙන් එය යටත්කළාවූ තැනන්වහන්සේ නිසාය” යනුවෙනි (රෝම 8:20-21).

යේසුස්වහන්සේ වරක් මොරගසන ගල් ගැන කතා කළ සේක (ලූක් 19:40), ගැළවීම සඳහා උන්වහන්සේ වෙතට පැමිණෙන අයට ඉදිරියේදී සිදු වන දේ ගැනද උන්වහන්සේගේ වචන යෙසායාගේ අනාවැකිය ප්‍රතිරාවය කරයි. දෙවියන්වහන්සේට පමණක් කළ හැකි දේ ගැන සිතමින්, ඇදහිල්ලෙන් උන්වහන්සේ දෙස බලන විට, උන්වහන්සේගේ ආශ්චර්යයන් සදහටම පවතින බවට අපට පෙනෙනු ඇත!