නව යොවුන් වියේදී, මම උසස් පෙළ පන්තියේ පැසිපන්දු පුහුණුවීම්වලින් පසු මගේ මිතුරාගේ නිවසට යෑමට මා ඔහුගේ පසු පසින් ඉතා වේගයෙන් රිය පදවාගෙන ගියෙමි. දැඩි වර්ෂාවක් නිසා මට ඔහුගේ මෝටර් රථය පසු පසින්ම මගේ මෝටර් රථය පැදවීම අපහසු කාර්යයක් විය. හදිසියෙන්ම, මගේ රථයේ වයිපරය ඉදිරි පස තිබෙන වීදුරුවේ තිබූ වතුර සම්පූර්ණයෙන්ම ඉවත් කළ අවස්ථාවේදී, මගේ මිතුරාගේ සෙඩාන් වර්ගයේ මෝටර් රථය මා ඉදිරිපිට නතර වූ බව මට පෙනුණි! මම තිරිංග තදින් පාගා ගෙන සිටියත් රථය පාරෙන් ලිස්සා ගොස් විශාල ගසක හැප්පුණේය. මගේ මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණි. පසුව මම ප්‍රාදේශීය රෝහලක කෝමා (සිහිය නැතුව) වාට්ටුවේදී අවදි වුණෙමි. දෙවියන්වහන්සේගේ කරුණාව නිසා මා බේරුණ නමුත්, මගේ නොසැළකිලිමත්කම අධික මිළයක් වූ බව ඔප්පු කළේය.

මෝසෙස් නොසැළකිලිමත් තීරණයක් ගත් අතර එය ඔහුට විශාල පාඩුවක් ගෙන දුන්නේය. ඔහුගේ දුර්වල තේරීම රැඳුනේ ජලය නොමැතිකම සම්බන්ධවයි. එනම්, ජලයේ හිඟකමක් මතය. (මගේ තත්ත්වයේ මෙන් නොවුනි). ඉශ්‍රායෙල්වරුන් සින් කාන්තාරයේ ජලය නොමැතිව සිටියහ. එමෙන්ම, “මෝසෙස්ට විරුද්ධව සෙනඟ රැස් වූහ” (ගණන් කථාව 20:2). පර්වතයකට කතා කරන ලෙස දෙවියන්වහන්සේ ව්‍යාකූල නායකයාට පැවසූ අතර “එහි ජලය පිටතට ගලා එන බව” කීසේක (8 පදය ). ඒ වෙනුවට, ඔහු “දෙවරක් පර්වතයට පහර දුන්නේය” (11 පදය ). දෙවියන්වහන්සේ මෝසෙස් ට කතා කරමින් “ඔබ මා කෙරෙහි විශ්වාසය නොතැබූ නිසා, ඔබ පොරොන්දු වූ දේශයට ඇතුල් නොවනු ඇත” යැයි කීසේක (12 පදය ).

අපි නොසැලකිලිමත් ලෙස තීරණ ගන්නා විට එහි ප්‍රතිවිපාක අපට ගෙවීමට සිදුවේ. “දැනගැන්ම නැතිව සිටීම ආත්මයට හොඳ නැත; තමාගේ පාදවලින් ඉක්මන් වෙන්නා වරදට වැටෙන්නේය ” (හිතෝපදේශ 19:2). අද අපි යාච්ඤාවෙන්ද, ප්‍රවේශමෙන්ද අපගේ තේරීම් සහ තීරණ වලදී දෙවියන්වහන්සේගේ ප්‍රඥාව සහ මග පෙන්වීම සොයමු.