කැපූ මල් පැමිණියේ ඉක්වදෝරයෙන්ය. මෙම මල් මගේ නිවසට ගෙනෙන විට, ඒවා නැවී, මැළ වී තිබුණි. ප්‍රබෝධමත් සිසිල් ජලයෙන් ඒවා පණ ගන්වන්නැයි උපදෙස්වලින් කියැවිණි. කෙසේ වෙතත්, ඊට පෙර, මල් කඳන්වල කොන් කපා දැමීම කළ යුතු වූයේ ඒවාට ජලය වඩාත් පහසුවෙන් උරා ගැනීමට පුළුවන් වන නිසාය. නමුත් ඒවා නොනැසී තිබේද?

පසු දා උදෑසන මම මගේ පිළිතුර සොයා ගත්තෙමි. මා මින් පෙර කිසිදා නොදුටු මල් සහිත ඉක්වදෝරියානු මල් කළඹ තේජාන්විත දසුනක් විය. නැවුම් ජලය සියලු වෙනස්කම් ඇති කරමින් යේසුස්වහන්සේ ජලය ගැන පැවසූ දේ සහ ඇදහිලිවන්තයන්ට එයින් අදහස් කරන දේ මතක් කර දුනි.

යේසුස්වහන්සේ සමාරියේ ස්ත්‍රියකගෙන් වතුර ටිකක් බොන්න ඉල්ලූ විට, ඇය ළිඳෙන් ගෙනා ජලයෙන් උන්වහන්සේ බොන බව පෙන්වූ නමුත්, උන්වහන්සේ ඇගේ ජීවිතය වෙනස් කළේය. උන්වහන්සේගේ ඉල්ලීම ගැන ඇය පුදුමයට පත් වූවාය. යුදෙව්වන් සමාරියානුවන්ව පහත් කර සැළකූහ. නමුත් යේසුස්වහන්සේ පැවසුවේ, “දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇත”යි (යොහන් 4:10) යනුවෙනි. පසුව, දේවමාළිගාවේදී, උන්වහන්සේ මොරගසමින්, “යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ” (යොහන් 7:37) යයි කී සේක. උන්වහන්සේ කෙරෙහි අදහාගත් අය අතර, “ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක. උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයාණන් ගැනය” (38-39 පද).

අද දිනදී, අප ජීවිතයෙන් වෙහෙසට පත්ව සිටින විට දෙවියන්වහන්සේගේ ප්‍රබෝධමත් ආත්මයාණන් අපව පණ ගන්වන සේක. උන්වහන්සේ ජීවමාන ජලයයි, ශුද්ධ වූ ප්‍රබෝධයෙන් අපගේ ආත්මයන්හි වාසය කරයි. අද අපි ගැඹුරට පානය කරමු.