ලයින් ඔෆ් ඩියුටි නමැති බ්‍රිතාන්‍ය නාට්‍යය අවසන් වූ විට, සංවිධානාත්මක අපරාධවලට එරෙහි එහි සටන අවසන් වන්නේ කෙසේදැයි බැලීමට වාර්තාගත සංඛ්‍යාවක් බලා සිටියහ. නමුත් බොහෝ නරඹන්නන්ගේ බලාපොරොත්තු සුන් වූයේ, එය අවසන් වූයේ නපුර ජය ගන්නා ආකාරයෙනි. “මට අවශ්‍ය වුණේ නරක මිනිසුන් නීතිය ඉදිරියට ගෙන ඒමටයි,” එක් රසිකයෙක් පැවසීය. “අපට එම සදාචාරාත්මක අවසානය අවශ්‍ය විය”.

සමාජ විද්‍යාඥ පීටර් බර්ගර් වරක් සඳහන් කළේ අපි බලාපොරොත්තුව සහ යුක්තිය සඳහා අධික පිපාසයෙන් පෙළෙන බවයි – නපුර කවදා හෝ පරාජය වනු ඇතැයි අපි බලාපොරොත්තු වන අතර එයට හේතු වූ අය ඔවුන්ගේ අපරාධවලට මුහුණ දෙනු ඇතැයිද බලාපොරොත්තු වෙන්නෙමු. නරක මිනිසුන් දිනන ලෝකයක් වන්නේ අප දන්නා පරිදි ලෝකය ක්‍රියා කළ යුතු ආකාරයට විරුද්ධවයි. බොහෝ විට එය තේරුම් නොගෙනම, බලාපොරොත්තු සුන් වූ රසිකයන් ලෝකය නැවත නිවැරදි කිරීමට අවශ්‍ය මනුෂ්‍යත්වයේ ගැඹුරු ආශාව ප්‍රකාශ කළහ.

ස්වාමීන්ගේ යාච්ඤාවේදී, යේසුස්වහන්සේ නපුර ගැන යථාර්ථවාදී වූ සේක. එය පවතින්නේ අප අතර පමණක් නොවේ. එය සමාව දීම අයදින අතර (මතෙව් 6:12), විශාල පරිමාණයෙන් මුදවා ගැනීමද ඉල්ලා සිටින්නේය (13 පදය). කෙසේ වෙතත්, මෙම යථාර්ථවාදය බලාපොරොත්තුව සමඟ ගැළපේ. නපුර නොපවතින ස්ථානයක් ඇත – එය ස්වර්ගයයි – සහ එම ස්වර්ග රාජ්‍යය පෘථිවියට පැමිණෙන්නේය (10 පදය). එක් දිනක දෙවියන්වහන්සේගේ යුක්තිය සම්පූර්ණ වනු ඇත, උන්වහන්සේගේ “සදාචාරාත්මක අවසානය” පැමිණෙන සේක, සහ නපුර සම්පූර්ණයෙන්ම පිටුවහල් කරනු ලබන සේක (එළිදරව් 21:4).

එබැවින් සැබෑ ජීවිතයේ නරක මිනිසුන් ජයග්‍රහණය කර බලාපොරොත්තු සුන් වීම පැමිණෙන විට දී, අපි මෙය මතක තබා ගනිමු: දෙවියන්වහන්සේගේ කැමැත්ත “ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද,” ඉටු වන තුරු කතාව අවසන් වී නැති නිසා සෑම විටම බලාපොරොත්තුවක් ඇත.