ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමනක් යාමට නියමිතව සිටි ගුවන් යානා කාර්ය මණ්ඩලයේ අණදෙන නිලධාරියා වන අභ්‍යවකාශගාමි ක්‍රිස් ෆර්ගසන් අසීරු තීරණයක් ගත්තේය. නමුත් ඒ තීරණය පියාසර කිරීමේ යාන්ත්‍ර විද්‍යාවට හෝ ඔහුගේ සෙසු ගගනගාමීන්ගේ ආරක්ෂාවට සම්බන්ධ දෙයක් නොවීය. නමුත්, එය ඔහු තම වැදගත්ම කාර්යය ලෙස සළකන දේට අදාළ විය: එනම් ඔහුගේ පවුල. ෆර්ගසන් තම දියණියගේ විවාහ මංගල්‍යය සඳහා සහභාගි වීමට හැකි වන පරිදි ඔහුගේ පාද පෘථිවිය මත ස්ථිරව තබා ගැනීමට තීරණය කළේය.

අපි සියලු දෙනාම සමහර අවස්ථාවලදී අසීරු තීරණවලට මුහුණ දිය යුතුයි – ජීවිතයේ අපට වඩාත්ම වැදගත් දේ ඇගයීමට හේතු වන තීරණ, මන්ද එක් විකල්පයක් නිසා අනෙක් විකල්පයන්ට පාඩු සිදු විය හැකි බැවිනි. යේසුස්වහන්සේ, තම ගෝලයන්ට සහ ජන සමූහයකට තමන්වහන්සේව අනුගමනය කිරීම සම්බන්ධයෙන් ජීවිතයේ වැදගත්ම තීරණය ගැන මෙම සත්‍යය සන්නිවේදනය කිරීමට අරමුණු කර ගත් සේක. ගෝලයෙකු වීමට නම්, උන්වහන්සේ සමඟ ගමන් කිරීම සඳහා “ඔහු තමාගේ කැමැත්ත අත්හැර” ඒමට අවශ්‍ය වනු ඇතැයි උන්වහන්සේ පැවසූ සේක (මාර්ක් 8:34). ඔවුන් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට අවශ්‍ය පරිත්‍යාගයන් නොකර ඒ වෙනුවට තමන්ගේ ආශාවන් සෙවීමට පෙළඹවීමක් සිදුවන්නට තිබුණ නමුත් එය වඩාත් වැදගත් දෙයක මිළයක් වන බව උන්වහන්සේ ඔවුන්ට මතක් කළසේක.

අපි බොහෝ විට ඉතා වටිනා දෙයක් ලෙස පෙනෙන දේවල් පසුපස හඹා යාමට පෙළඹෙමු, නමුත් ඒවා යේසුස්වහන්සේව අනුගමනය කිරීමෙන් අපව ඈත් කරයි. අපි සෑම දිනකම මුහුණ දෙන තේරීම් වලදී අපට මඟ පෙන්වන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු, එවිට අපි ඥානවන්තව තෝරාගන්නා අතර උන්වහන්සේට ගෞරව කරන්නෙමු.