අන්තර්ජාල ලිපි රචක කෙවින් ලින්ගේ ජීවිතය කඩා වැටෙන බවක් පෙනෙන්නට තිබුණි. මෑත ලිපියක ඔහු විස්තර කළේ,
“ඇත්ත වශයෙන්ම මම මගේ හිසට තුවක්කුවක් තැබුවෙමි . . . . දෙවියන්වහන්සේ ආශ්චර්යමත් ලෙස මගේ කාමරයට සහ මගේ ජීවිතයට ඇතුල් වූ සේක. ඒ මොහොතේම, මම ඇත්තටම දැන් මම දන්නා දේ දෙවියන්වහන්සේ බව සොයා ගතිමි”. දෙවියන්වහන්සේ මැදිහත්වී ජීවිතය නැති කර ගැනීමෙන් ලින්ව වැළැක් වූ සේක. උන්වහන්සේ ඔහුගේ වරදවල් ඒත්තු ගැන්වීමෙන් ඔහුව පුරවා, උන්වහන්සේගේ ප්‍රේමණීය අභිමුඛය පිළිබඳ අතිමහත් සිහිගැන්වීමක් ඔහුට දුන් සේක. මෙම බලගතු හමුවීම සඟවනවා වෙනුවට, ලින් ඔහුගේ අත්දැකීම් ලෝකය සමඟ බෙදාගත්තේ, යූ ටියුබ් ක්‍රිස්තියානි සේවයක් නිර්මාණය කරමින්, ඔහු තමාගේම පරිවර්තන කතාව මෙන්ම අන් අයගේ කථාද බෙදා හදා ගැනීමෙනි.

යේසුස්වහන්සේගේ අනුගාමිකයෙක් සහ මිත්‍රයෙක් වූ ලාසරුස් මිය ගිය විට, බොහෝ දෙනෙක් උපකල්පනය කළේ යේසුස්වහන්සේ ප්‍රමාද වූවා වැඩියි කියාය (යොහන් 11:32). ක්‍රිස්තුස්වහන්සේ පැමිණීමට පෙර දින හතරක් ලාසරුස්ගේ දේහය සොහොන් ගෙය තුළ තිබු නමුත්, ඔහුව මළවුන්ගෙන් උත්ථාන කරමින් උන්වහන්සේ මෙම වැළපීමේ කාලය ප්‍රාතිහාර්යයක් බවට පත් කළේය (38 පදය). “නුඹ විශ්වාසකළොත් දෙවියන්වහන්සේගේ මහිමය දකින්නෙහිය කියා මා කීවා නොවේද?” (40 පදය).

යේසුස්වහන්සේ ලාසරුස්ව මරණයෙන් උත්ථාන කළා සේම, උන්වහන්සේ තුළින් අපට අලුත් ජීවිතයක් ලබා දෙන සේක. කුරුසිය මත තම ජීවිතය පූජා කිරීමෙන්, ක්‍රිස්තුස්වහන්සේ අපගේ පාපවලට දඬුවම ගෙවූ අතර, අප උන්වහන්සේගේ කරුණාවේ දීමනාව පිළිගන්නා විට අපට සමාව ලබා දෙන සේක. අපට අපගේ පාපයේ බැඳීම්වලින් නිදහස් වී, උන්වහන්සේගේ සදාකාලික ප්‍රේමයෙන් අලුත් වී, අපගේ ජීවිතයේ මාර්ගය වෙනස් කිරීමට අවස්ථාව ලබා දී ඇත.