මනෝවිද්‍යාඥ – මෙග් ජේ පවසන පරිදි, අපගේ මනස සම්පූර්ණයෙන්ම ආගන්තුකයන් ගැන සිතන ආකාරයටම අපගේ අනාගතය ගැන සිතීමට නැඹුරු වේ. මන්ද? එය සමහර විට “සංනිවේදනයේ පරතරය” යනුවෙන් හැඳින්වෙන දේ නිසා විය හැකිය. අප පුද්ගලිකව නොදන්නා පුද්ගලයන්ට අනුකම්පා කිරීම සහ සැළකිල්ල දැක්වීම දුෂ්කර විය හැකිය. මෙය අපගේ අනාගත අනුවාදවලට පවා බලපෑ හැකිය. එබැවින් ජේ ඇගේ කාර්යයේදී යෞවනයන්ට ඔවුන්ගේ අනාගතය ගැන සිතා බැලීමට සහ ඔවුන් රැකබලා ගැනීමට පියවර ගනිමින් උපකාර කළාය. මෙයට ඇතුළත් වන්නේ ඔවුන් යම් දිනක කවුරුන් වේද යන්න සඳහා ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමයි – එනම්, ඔවුන්ගේ සිහින වෙත හඹා යාමට සහ දිගටම දියුණු වීමට මග පෑදීමය.

ගීතාවලිය 90 හි, අපගේ ජීවිත වර්තමානයෙහි පමණක් නොව සමස්තයක් ලෙස දැකීමට අපට ආරාධනා කර ඇත – “ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව” (12 පදය) යනුවෙන් අපට උපකාර කරන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිය හැකිය. පෘථිවියේ අපගේ කාලය සීමිත බව මතක තබා ගැනීම හේතුකොට ගෙන දෙවියන්වහන්සේ මත රඳා සිටීමේ අවශ්‍යතාවය අපට මතක් කර දෙයි. දැන් පමණක් නොව, “අපගේ සියලු දවස්වලදී” තෘප්තිය සහ ප්‍රීතිය සොයා ගන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට අපට උන්වහන්සේගේ උපකාර අවශ්‍ය වේ (14 පදය). අප ගැන පමණක් නොව අනාගත පරම්පරාවන් ගැන සිතීමටත් ඉගෙන ගැනීමටද අපට උන්වහන්සේගේ උපකාරය අවශ්‍යය වන්නේය (16 පදය). උන්වහන්සේ අපගේ අත්වල සහ හදවත්වල ක්‍රියා ස්ථාපිත කරන බැවින්, අපට ලබා දී ඇති කාලය සමඟ උන්වහන්සේට සේවය කිරීමට අපට උන්වහන්සේගේ උපකාර අවශ්‍ය වේ (17 පදය).