“සියලු සත්‍යය පවසන නමුත් එය සරල ලෙස පවසන්න,” කියා කවියෙකු වන එමිලි ඩිකින්සන් ලිවීය. දෙවියන්වහන්සේගේ සත්‍යය සහ මහිමය අවදානමට ලක්විය හැකි මිනිසුන්ට එකවරම තේරුම් ගැනීමට හෝ ලැබීමට නොහැකි තරම් “දීප්තිමත්” බැවින්, අපට දෙවියන්වහන්සේගේ කරුණාව සහ සත්‍යය ලැබීමට සහ බෙදා ගැනීමට – මෘදු, වක්‍ර මාර්ග වඩාත් සුදුසු බව යෝජනා කරයි. මන්ද, “සත්‍යය, ඉතා ගැඹුරු වන බැවින් එය ක්‍රමක්ක්‍රමයෙන් බෙදිය යුතුය, නැතහොත් මෙම සත්‍යය හේතුකොටගෙන සෑම මිනිසෙකුම “අන්ධ” විය හැකිය.”

අපෝස්තලු පාවුල් එපීස 4 හි එවැනිම තර්කයක් ඉදිරිපත් කළේය. ඔහු ඇදහිලිවන්තයන්ගෙන් ඉල්ලා සිටියේ “සියලු ආකාර යටහත්කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන්ද හැසිර” සහ “එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා සිටින” ලෙසයි (2 පදය). ඇදහිලිවන්තයන් එකිනෙකා සමඟ මෘදුකම සහ කරුණාව දක්වන පදනම ලෙසට පාවුල් පැහැදිලි කළේ, එය අප සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවන්ත මාර්ගයය යනුවෙනි. උන්වහන්සේගේ මනුෂ්‍යත්වයේදී (9-10 පද), යේසුස්වහන්සේ තමන්ව විශ්වාස කිරීමට සහ පිළිගැනීමට මිනිසුන්ට අවශ්‍ය වූ නිහඬ, මෘදු ක්‍රමවලින් තමන්වහන්සේව හෙළි කළ සේක.
තවද ත්‍යාගයෙන් සහ බලගැන්වීමෙන් උන්වහන්සේගේ සෙනඟට දිගටම වර්ධනය වීමට හා පරිණත වීමට උන්වහන්සේ දිගටම මෙතරම් මෘදු, ප්‍රේමණීය මාර්ගවලින් තමන්වහන්සේව හෙළිදරව් කරන සේක. එසේ කරන්නේ “ඇදහීමේද දෙවියන්වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත්, සම්පූර්ණ පුරුෂකමටත්, ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණවූ උස මහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක්ය” (12 පදය). අප වර්ධනය වන විට, බලාපොරොත්තුව සඳහා වෙනත් තැන් සෙවීමේ අවදානම අවම වේ (14 පදය). එසේම මෘදු ප්‍රේමය පිළිබඳ යේසුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීම කෙරෙහි වැඩි විශ්වාසයක්ද ඇති වෙන්නේය (15-16 පද).