“කණ්ණාඩියේ ඉන්නේ කවුද?” ස්වයං හඳුනාගැනීමේ පරීක්ෂණය පවත්වන මනෝවිද්‍යාඥයන් ළමයින්ගෙන් විමසූහ. මාස දහ අටක් හෝ ඊට අඩු කාලයකදී, දරුවන් සාමාන්‍යයෙන් කැඩපතේ රූපය සමඟ සම්බන්ධ නොවෙති. නමුත් ළමයින් වැඩෙන විට, ඔවුන් තමන් දෙසම බලා සිටින බව ඔවුන්ට තේරුම් ගත හැකිය. ස්වයං-පිළිගැනීම සෞඛ්‍යය සම්පන්න වර්ධනයේ සහ පරිණතභාවයේ වැදගත් සළකුණකි.

එය යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන්ගේ වර්ධනයට ද වැදගත් ය. යාකොබ් කැඩපත් හඳුනාගැනීමේ පරීක්ෂණයක් ගෙනහැර දක්වයි. කැඩපත වන්නේ දෙවියන්වහන්සේගේ “සත්‍යයේ වචනය” වේ (යාකොබ් 1:18). අපි දේව වචනය කියවන විට, අපට පෙනෙන්නේ කුමක්ද? දේව-වචනය, ප්‍රේමය සහ නිහතමානිකම විස්තර කරන විට අපි අපව හඳුනා ගනිමුද? දෙවියන්වහන්සේ අපට අණ කරන දේ කියවන විට අපගේම ක්‍රියාවන් අපට පෙනෙනවාද? අප අපගේ හදවත් දෙස බලා අපගේ ක්‍රියාවන් පරීක්ෂා කරන විට, අපගේ ක්‍රියාවන් දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුකූලද නැතහොත් අප පසුතැවිලි වී වෙනසක් කිරීමට අවශ්‍යද යන්න හඳුනාගැනීමට දේව වචනය අපට උපකාර කරයි.

යාකොබ් අපට අවවාද කරන්නේ දේව වචනය පමණක් කියවා අප තුළට ගත් දේ අමතක කර හැරී නොයන ලෙසයි, එය “(අපවම) රවටා ගන්නා” ක්‍රියාවකි (22 පදය). දෙවියන්වහන්සේගේ සැළසුම්වලට අනුව ඥානවන්තව ජීවත් වීමට බයිබලය අපට මාර්ග සිතියම සපයයි. අපි එය කියවන විට, එය මෙනෙහි කරන විට සහ එය ජීර්ණය කර ගන්නා විට, අපගේ හදවත දැකීමට ඇස් සහ අවශ්‍ය වෙනස්කම් කිරීමට ශක්තිය ලබා දෙන ලෙස අපට උන්වහන්සේගෙන් ඉල්ලා සිටිය හැකිය.