මගේ මවගේ වියෝවීමෙන් පසුව ඇය සමඟ සිටි පිළිකා රෝගියෙක් මා වෙතට පැමිණ, “ඔබේ අම්මා මට ගොඩාක් කරුණාවන්ත වුණා” ඇය හඬමින් කීවාය. “මම මිය නොගොස් ඇය මිය ගිය නිසා මට කණගාටුයි” කියා ඇය තව දුරටත් කීවාය.

“මගේ අම්මා ඔබට ප්‍රේම කළාය” මම කීවෙමි. “අප දෙදෙනා දෙවියන්වහන්සේට යාච්ඤා කළේ, ඔබේ පුතුන් වැඩෙනවා දකින්න ඔබට ඉඩ දෙන්න කියායි” මම තවදුරටත් කීවෙමි. ඇගේ දෑත් අල්ලාගෙන මම ඇය සමඟ හඬා වැලපෙමින් ඇයට සාමකාමීව ශෝක වීමට උදව් කරන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියෙමි. ඇයගේ රෝගයේ බරපතලකම අඩුකරමින්, ඇයගේ ස්වාමිපුරුෂයාට සහ වැඩෙන දරුවන් දෙදෙනාට දිගටම ප්‍රේම කිරීමට ඉඩ සළසා දුන් නිසා මම දෙවියන්වහන්සේට ස්තූති කළෙමි.

යෝබ්ට ඔහුගේ සියලුම දරුවන් ඇතුළුව සෑම දෙයක්ම පාහේ අහිමි වූ විට ශෝකයේ සංකීර්ණත්වය බයිබලය හෙළි කරයි. යෝබ් ශෝකයට පත් වූ අතර “බිම වැටී” ස්වාමින්වහන්සේට නමස්කාර කළේය (යෝබ් 1:20). හදවතේ ඉතා තද දුකක් ඇතුවත්, බලාපොරොත්තුවෙන් යුත් යටත්වීමකින් ඔහු කෘතඥතාවය ඇතුව ප්‍රකාශ කළේ, “ස්වාමීන්වහන්සේ දුන්සේක, ස්වාමීන්වහන්සේ ගත්සේක; ස්වාමීන්වහන්සේගේ නාමයට ප්‍රශංසාවේවා” යනුවෙනි (21 පදය). යෝබ් පසුව ඔහුගේ ශෝකය සහ දෙවියන්වහන්සේ ඔහුගේ ජීවිතය නැවත ගොඩ නැගීම හරහා බලවත් ලෙස අරගල කළත්, මේ මොහොතේ ඔහු හොඳ සහ නරක තත්ත්වයන් කෙරෙහි දෙවියන්වහන්සේගේ අධිකාරිය පිළිගෙන ප්‍රීති විය.

අපි චිත්තවේග සමඟ කටයුතු කරන සහ අරගල කරන බොහෝ ආකාරයන් දෙවියන්වහන්සේ තේරුම් ගන්නා සේක. උන්වහන්සේ අවංකව හා අනතුරකට භාජනය නොවී ශෝක වීමට අපට ආරාධනා කරයි. ශෝකය තුළ නිමක් නැති සහ දරාගත නොහැකි බවක් පෙනෙන්නට තිබුණත්, දෙවියන්වහන්සේ තමන් වෙනස් වී නැති බවත් වෙනස් නොවන බවත් තහවුරු කරන සේක. මෙම පොරොන්දුව සමඟ, දෙවියන්වහන්සේ අපව සනසන අතර, උන්වහන්සේගේ අභිමුඛය ගැන කෘතඥවීමට අපව බලගන්වන සේක.