කැන්සාස් ප්‍රාන්තයෙහි නියෝඩේෂා නම් කුඩා නගරයේ මධ්‍යම හා උසස් පාසල් සිසුන් තුන්සියයක් පුදුම සහගත පාසල් රැස්වීමකට පෙළ ගැසුණහ. ඊළඟ වසර විසිපහ සඳහා සෑම නියෝඩේෂා ශිෂ්‍යයෙකුටම විද්‍යාලයේ ගාස්තු ගෙවීමට තම නගරයට බැඳී සිටින යුවළක් තීරණය කර ඇති බව අසා මෙය ගැන ඔවුන් අවිශ්වාසයෙන් වාඩි වූහ. සිසුන් තුෂ්නිම්භූතව, ප්‍රීතියෙන් හා කඳුළු සලමින් සිටියහ.

නියෝඩේෂා ආර්ථික වශයෙන් දැඩි ලෙස පීඩාවට පත් වී තිබුණි, එම නිසා බොහෝ පවුල් විද්‍යාලයේ වියදම් පියවා ගන්නේ කෙසේද යන්න ගැන කනස්සල්ලට පත්ව සිටියහ. මෙම තෑග්ග පරම්පරාගත වෙනස් කරන්නෙකු මෙන් වූ අතර දායකයෝ, වත්මන් පවුල්වලට ක්ෂණිකව බලපෑමක් ඇති වෙයි කියාත් එසේම අන් අයව නියෝඩේෂා වෙත ගමන් කිරීමට දිරිමත් කරයි කියාත් බලාපොරොත්තු වූහ. ඔවුන්ගේ ත්‍යාගශීලීත්වය තුළින් නව රැකියා, නව ජීව ශක්තිය – නගරයට සම්පූර්ණයෙන්ම වෙනස් අනාගතයක් ඇතිවේවි කියා ඔවුහු අපේක්ෂා කළෝය.

තම සෙනඟට ත්‍යාගශීලී වන ලෙසට දෙවියන්වහන්සේ බලාපොරොත්තු වුයේ ඔවුන්ගේම උග්‍ර අවශ්‍යතා ගැන පමණක් නැඹුරු නොවී, අරගලයට පත්වූ තමන්ගේ අසල්වැසියන්ටත් නව අනාගතයක් ගැන අපේක්ෂාවක් ලබාදීම ගැන බලන ලෙසටයි. දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම් පැහැදිලි විය: “නුඹ වෙත නුඹේ සහෝදරයෙක් දිළිඳුවී ඔහුගේ අතමිට හිඟවුණොත් ඔහුට උපකාරකරන්න” (ලෙවී කථාව 25:35). ත්‍යාගශීලීත්වය මූලික භෞතික අවශ්‍යතා සපුරාලීම පමණක් නොව ප්‍රජාවක් ලෙස ඔවුන්ගේ අනාගත ජීවිතයට අවශ්‍ය වන්නේ කුමක්ද කියා සළකා බැලීම ද අවශ්‍ය විය. “ඔහුට උපකාර කරන්න” කියා දෙවියන්වහන්සේ පැවසු සේක, ඒ “විදේශියෙකු හා ආගන්තුකයෙකු මෙන් ඔහු නුඹ වෙත වාසයකෙරේවා” යනුවෙනි (35 පදය).

ලබා දීමේ ගැඹුරුම ක්‍රම වෙනස් අනාගතයක් අපේක්ෂා කරයි. දෙවියන්වහන්සේගේ අතිමහත්, නිර්මාණාත්මක ත්‍යාගශීලීභාවය එම දිනය සඳහා අපව දිරිමත් කරයි. එදින අපි සියල්ලෝම එකට එක්ව සම්පූර්ණ හා බහුල ලෙස ජීවත් වෙමු.