ග්‍රීෂ්ම ඍතුවේ හිරු උදාවෙමින් තිබූ අතර මගේ සිනාමුසු මුහුණින් සිටි අසල්වැසියා, මා ඉදිරි මිදුලේ සිටිනු දැක, යමක් බැලීමට එන ලෙසට මට රහසින් කීවේය. “කුමක් ද?” කියා මම කුතුහලයෙන් යුතුව ආපසු රහසින් ඇසුවෙමි. ඇය තම ඉදිරිපස ආලින්දයේ සුළං නාදයක් පෙන්වූ අතර එහිදී ලෝහ පඩිපෙළක් මත රැඳී තිබුණු පිදුරු වලින් පිරුණු කුඩා තේ කෝප්පයක් පෙන්වූවාය. “හම්මිං කුරුල්ලන්ගේ කූඩුවක්”. “පැටවුන්ව පෙනෙනවාද?” කියා ඇය මිමිණුවාය. ඇල්පෙනෙත්ති තුඩු මෙන් කුඩා හොට දෙක ඉහළට යොමු වූ අතර ඒවා දැක ගැනීමට අපහසු විය. “ඔවුන් අම්මා එනකම් බලාගෙන ඉන්නවා” ඈ මට කීවාය. අපි විස්මයට පත්වෙමින් එහි සිටගෙන සිටියෙමු. මම පින්තූරයක් ගැනීමට මගේ ජංගම දුරකථනය එසෙව්වෙමි. “වැඩිදුරට ළං වෙන්න එපා” කියා මගේ අසල්වැසියා පැවසුවාය. “අම්මව බය කරන්න ඕන නෑ” ඒ එක්කම අපි හම්මිං කුරුල්ලන්ගේ පවුලක් ඈතින් සිට හදා ගත්තෙමු.

නමුත් වැඩි කලකට නොවේ. සතියකින් පමණ කිරිල්ලිය සහ පැටවුන්ද නිශ්ශබ්දව පැමිණි ලෙසම නික්ම ගොස් තිබුණි. නමුත් ඔවුන්ව රැකබලා ගන්නේ කවුද?

බයිබලය තේජාන්විත නමුත් හුරුපුරුදු පිළිතුරක් ලබා දෙයි. එය කොතරම් හුරුපුරුදුද යත්, එහි පොරොන්දු වූ සියල්ල අපට අමතක විය හැකිය: “නුඹේ ජීවිතය ගැන කනස්සලු නොවන්න” යැයි යේසුස්වහන්සේ පැවසුසේක (මතෙව් 6:25). සරල නමුත් ලස්සන උපදෙසක්. “ආකාශයේ පක්ෂීන් බලන්න,” උන්වහන්සේ තවදුරටත් මෙසේ පැවසීය. “උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කරගන්නේවත් නැත; නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක” (26 පදය).

දෙවියන්වහන්සේ කුඩා පක්ෂීන්ව රැකබලා ගන්නවා සේම, උන්වහන්සේ අපවද රැකබලා ගන්නා සේක – එනම්, අපගේ මනස, ශරීරය, ප්‍රාණය සහ ආත්මය පෝෂණය කරන සේක. එය උතුම් පොරොන්දුවකි. අපි දිනපතා – කරදර වලින් තොරව – උන්වහන්සේ දෙස බලා ඉහළට පියාඹා යමු.