ස්ටීවන් නැඟී එන විකට නළුවෙක් සහ නාස්තිකාරයෙක් විය. ක්‍රිස්තියානි පවුලක හැදී වැඩුණු ඔහු තම පියා සහ සහෝදරයන් දෙදෙනෙකු ගුවන් අනතුරකින් මිය යාමෙන් පසු සැකයෙන් පෙළෙන්නට විය. වයස විසි ගණන්වල මුල් භාගය වන විට ඔහුගේ ඇදහිල්ල නැති වී ගියේය. නමුත් ඔහු එක් රාත්‍රියක චිකාගෝ නගරයෙහි ශීත වීදියකදී මෙම ඇදහිල්ල නැවත සොයා ගත්තේය. ආගන්තුකයෙකු විසින් සාක්කුවට දැමීමට පුළුවන් කුඩා නව ගිවිසුමක් ඔහුට ලබා දුන් අතර ස්ටීවන් එහි පිටු විවෘත කළේය. කනස්සල්ලෙන් පෙළෙන අය යේසුස්වහන්සේගේ කන්ද උඩ දේශනාවෙන් (මතෙව් 6:27-34) කියවිය යුතු බව එහි දර්ශකයේ සඳහන් වුනි.

ස්ටීවන් එතැනට හැරවූ අතර, එම වචන ඔහුගේ හදවතේ ගින්නක් ඇති කළේය. ඔහු මෙසේ සිහිපත් කරයි: “මම ඒකාන්තයෙන් සහ ක්ෂණයකින් සැහැල්ලු වීමි. මම සීතලේ, පාරේ කෙළවරේ සිටගෙන මෙම කොටස කියවූ අතර, මගේ ජීවිතය පරණ තත්ත්වයෙන් මිදී අලුත් ජීවිතයක් උදා විය”.

දේව වචනයේ බලය එබඳු ය. බයිබලය වෙනත් කිසිම පොතකට වඩා වෙනස් වෙයි. මන්ද එය ජීවමානයි. අපි බයිබලය නිකම්ම කියවන්නේ නැත. බයිබලය අපව කියවයි. “කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය” (හෙබ්‍රෙව් 4:12).

ග්‍රහලෝකයේ ඇති බලවත්ම බලය දේව වචනය ඉදිරිපත් කරයි, එය අපව පරිවර්තනය කර අධ්‍යාත්මික පරිණතභාවය කරා ගෙන යන බලයකි. අපි එය විවෘත කර ශබ්ද නඟා කියවමු, අපගේ හදවත් දල්වන ලෙසට දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු. උන්වහන්සේ කතා කරන වචන “මා වෙතට (උන්වහන්සේ වෙතට) හිස්ව හැරී නෑවිත්, මා කැමති (උන්වහන්සේ කැමති) දෙය සිදුකොට, මා නියම (උන්වහන්සේ නියම) කළ කාරණය සඵල කරනවා ඇත” කියාය (යෙසායා 55:11). අපේ ජීවිත කවදාවත් පරණ විදියට තිබෙන්න යන්නේ නැහැ….