මනෝවිද්‍යාඥ රොබට් එමොන්ස් විසින් කරන ලද අධ්‍යයනයකදී ස්වේච්ඡා සේවකයන් කණ්ඩායම් තුනකට බෙදා ඇති අතර ඒ සෑම කණ්ඩායමක් සතිපතා සටහන් පොතක තමන්ගේ සටහන් ලිවීය යුතු විය. එක් කණ්ඩායමක් ඔවුන් කෘතඥතාවය දක්වන කරුණු පහක් ලිවීය. තවත් කණ්ඩායමක් දිනපතා සිදුවන කරදර පහක් විස්තර කළෝය. පාලක කණ්ඩායමක් ඔවුන්ට කුඩා ආකාරයකින් බලපෑ යහපත් සිදුවීම් පහක් ලැයිස්තු ගත කළේය. අධ්‍යයනයේ ප්‍රතිඵලවලින් හෙළි වූයේ කෘතඥතාවය සඳහන් කළ කණ්ඩායමේ අයට සමස්තයක් වශයෙන් තම ජීවිතය ගැන හොඳ හැඟීමක් ඇති බවත්, අනාගතය ගැන වඩාත් සුබවාදී බවත්, අඩු සෞඛ්‍ය ගැටලු වාර්තා කළ බවත්ය. ස්තුතිය පුද කිරීමට, අප ජීවිතය දෙස බලන ආකාරය, වෙනස් කිරීමේ ක්‍රමයක් ඇත. ස්තුති දීමට අපිව සතුටට පත්කරන්නත් හැකියාව තිබේ.

දෙවියන්වහන්සේට ස්තුති දීමේ ප්‍රයෝජන ගැන බයිබලය දිගු කලක් සිට වර්ණනා කර ඇත, එසේ කිරීමෙන් උන්වහන්සේගේ චරිතය ගැනද අපට මතක් කර දෙන්නේය. උන්වහන්සේට ස්තුති කරන ලෙසට ගීතාවලිය නැවත නැවතත් දෙවියන් වහන්සේගේ සෙනගට කියා සිටින්නේ “මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය; උන්වහන්සේගේ කරුණාව සදාකාලේටද …… පවත්නේය” නිසාවෙන් (ගීතාවලිය 100:5) සහ “ස්වාමින්ගේ යහපත්කම සහ මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැනද” (ගීතාවලිය 107:8, 15, 21, 31) උන්වහන්සේට ස්තුති කරන ලෙසටයි.

අපෝස්තුළු පාවුල් පිලිප්පිවරුන්ට තම ලිපිය අවසන් කරන අවස්ථාවේ – එම ලිපිය තුළින් තමාට සහයෝගය දුන් සභාවකට ස්තුති කිරීමේ සටහනක් සමග එතුමා “කිසි නුවණකින් දැන ගත නොහැකිවූ” දෙවියන් වහන්සේගේ සමාදානය සමඟ ස්තුති යාච්ඤා සම්බන්ධ කළේය (4:7). අපි දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ යහපත්කම කෙරෙහි අවධානය යොමු කරන විට, අපට කනස්සල්ලෙන් තොරව, සෑම අවස්ථාවකදීම, ස්තුති දීමෙන් යාච්ඤා කළ හැකි බව පෙනී යයි. ස්තූති කිරීම අපගේ හදවත් සහ මනස අද්විතීය ලෙස ආරක්ෂා කරන සහ අප ජීවිතය දෙස බලන ආකාරය වෙනස් කරන සමාදානයක් ගෙන එයි. කෘතඥතාවයෙන් පිරී හදවතක් ප්‍රීතිමත් ආත්මයක් පෝෂණය කරයි.