1990 දී ප්‍රංශ පර්යේෂකයන්ට පරිඝණක ගැටලුවක් ඇති විය: එනම්, ජීන් කැල්මන්ට්ගේ වයස සැකසීමේදී දත්ත දෝෂයක් ඇති විය. ඇය වයස අවුරුදු 115 ක් වූ අතර, පරිගණක වැඩසටහනේ ප්‍රමිතීන්ගෙන් පිටත වයසකි. පරිගණක ඉන්ජිනේරුවන් උපකල්පනය කළේ කිසිවෙකුට එතරම් කාලයක් ජීවත් විය නොහැකි බවයි! ඇත්ත වශයෙන්ම, ජීන් වයස අවුරුදු 122 දක්වා ජීවත් විය.

ගීතිකාකරු මෙසේ ලියයි, “අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය;” (ගීතාවලිය 90:10). අප ජීවත් වන්නේ කුමන වයසක වුවද, ජීන් කැල්මන්ට්ගේ වයස දක්වා වුවද, පෘථිවියේ අපගේ ජීවිත සැබවින්ම සීමිත බව පැවසීමේ සංකේතාත්මක ක්‍රමයකි. අපගේ ජීවිත කාලය ප්‍රේමණීය දෙවියන්වහන්සේගේ පරමාධිපත්‍ය දෑතේ ඇත (5 පදය). කෙසේ වෙතත්, අධ්‍යාත්මික ක්ෂේත්‍රය තුළ, “දෙවියන්වහන්සේගේ කාලය” යනු කුමක්ද යන්න අපට මතක් කර දෙයි:
“මක්නිසාද ඔබ ඉදිරියෙහි අවුරුදු දහසක් පසුවූ ඊයේ දවසටත් රෑ යාමයකටත් සමානය ” (4 පදය).

තවද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ “ආයු අපේක්ෂාව” යන්නට සම්පූර්ණයෙන්ම නව අර්ථයක් ලබා දී ඇත: “පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත” (යොහන් 3:36). “හැස්” (has) යන ඉංග්‍රීසි භාෂාවේ වචනය තුළින් පෙන්නුම් කරන්නේ එය වර්තමාන කාලය බවයි: මේ මොහොතේ, එනම්, අපගේ වර්තමාන භෞතික (ශාරීරික) කරදර සහ කඳුළු මොහොතේ, අපගේ අනාගතය ආශීර්වාද ලත් එකක් සහ අසීමිත ආයු කාලයක් වන්නේය.

මෙයාකාරයෙන් අපි ප්‍රීති වන අතර ගීතිකාකරු සමඟ මෙසේ යාච්ඤා කරන්නෙමු, “අපේ සියලු දවස්වලදී ප්‍රීතිසන්තෝෂ වෙන පිණිස උදය කාලයෙහි ඔබගේ කරුණාවෙන් අප තෘප්තියට පැමිණෙවුව මැනව” (ගීතාවලිය 90:14).