දස හැවිරිදි ලින්-ලින් අවසානයේ හදා වඩා ගත් නමුත් ඇය බිය වී සිටියාය. ඇය හැදී වැඩුණු අනාථ නිවාසයේදී, කුඩා වරදකට පවා ඇය දඬුවම් ලැබුවාය. මගේ මිතුරියක් වූ, මෙම දැරියගේ හදාගත් මවගෙන් ලින්-ලින් මෙසේ ඇසුවාය: “අම්මේ, ඔයා මට ආදරෙයිද?” මගේ මිතුරිය ඔව් යැයි පිළිතුරු දුන් විට, ලින්-ලින් ඇසුවේ, …….. “මම වැරැද්දක් කළොත්, ඔබ තවමත් මට ආදරේ කරනවාද?” ……. කියාය.

කටින් වචන පිට නොවුවත් ….. , අප විසින් දෙවියන්වහන්සේව කලකිරීමට පත් කළ බව හැඟෙන විට අපගෙන් සමහරෙකු එම ප්‍රශ්නයම අසන්නට පුළුවනි: “ඔබවහන්සේ තවමත් මට ආදරය කරනවාද?” අපි මේ ලෝකයේ ජීවත් වන තාක් කල්, අපි අසාර්ථක වන අතර සමහර අවස්ථාවලදී පව් කරන බවද අපි දනිමු. ඒ වගේම මගේ වැරදි මා කෙරෙහිවූ දෙවියන්වහන්සේගේ ආදරයට බලපානවද? කියා අපි සිතන්නෙමු.

යොහන් 3:16 දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන අපට සහතික කරයි. දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ එකම පුත්‍රයාණන් වන යේසුස්වහන්සේව අප වෙනුවෙන් මිය යාමට සැළැස්වූයේ අප උන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙන් අපට සදාකාල ජීවනය ලැබෙන පිණිසය. නමුත් අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමෙන් පසුව පවා, අප අසමත් වුවහොත්, අපේ තත්ත්වය කුමක්ද? අප තවමත් පව්කාරයන්ව සිටියදී පවා “ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් ජීවිතය පූජා කළ” බව අප මතක තබා ගත යුත්තේ එවිටය (රෝම 5:8). අපගේ නරකම අවස්ථාවෙහිදී උන්වහන්සේට අපට ප්‍රේම කළ හැකි නම්, අද අප උන්වහන්සේගේ දරුවන් වන විට උන්වහන්සේගේ ප්‍රේමය ගැන සැක කරන්නේ කෙසේද?

අප පව් කරන විටදී, අපගේ පියාණන්වහන්සේ ප්‍රේමණීය ලෙස අපව නිවැරදි කර හික්මවයි. එය ප්‍රතික්ෂේප කිරීමක් නොවේ (8:1); එය ප්‍රේමයයි (හෙබ්‍රෙව් 12:6). අපි දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය දරුවන් ලෙස ජීවත් වෙමු, උන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය ස්ථීර සහ සදාකාලිකය යන ආශීර්වාද ලත් සහතිකය තුළ රැඳී සිටිමු.