තෝමස් ඇක්වයිනාස් (1225-1274) යනු සභාවේ වඩාත්ම ගෞරවනීය ඇදහිල්ල ආරක්ෂා කරන්නන්ගෙන් කෙනෙකි. නමුත් ඔහුගේ මරණයට මාස තුනකට පෙර, ඔහුගේ ජීවිතයේ කාර්යයේ දැවැන්ත උරුමය වූ ‘සුම්මා දේවධර්මය‘ යන ග්‍රන්ථය, යම්කිසි හේතුවක් නිසා නිම නොකර අත්හැරීමට සිදු විය- (සුම්මා සිංහල භාෂාවේ ‘සාරාංශය‘ යන තේරුමයි). තම ගැළවුම්කරුවාණන්ගේ බිඳුණු ශරීරය සහ වැගිරුණු රුධිරය ගැන මෙනෙහි කරන අතරතුර, ඇක්වයිනාස් දුටු දර්ශනය විස්තර කිරීමට තමාට වචන තිබුණේ නැතැයි ඔහු කියා සිටියේය. ඔහු පැවසුවේ, “මට තව දුරටත් ලිවිය නොහැක. මම දුටු දර්ශනය නිසා මගේ ලියවිලි පිදුරු මෙන් පෙනුණි” කියාය.

ඇක්වයිනාස්ට කලින් පාවුල්ද දර්ශනයක් දුටුවේය. 2 කොරින්ති හි ඔහු මෙම අත්දැකීම මෙසේ විස්තර කරයි: “එයාකාර මනුෂ්‍යයෙක් පාරාදීසයට ඇදගනු ලැබ, කියන්ට බැරිවූ, මනුෂ්‍යයෙකු විසින් නොකිය යුතුවූ වචන ඇසූ බව දනිමි. (මෙසේ වුණේ ශරීරයෙන් යුක්තවද ශරීරයෙන් වියුක්තවද නොදනිමි; දෙවියන්වහන්සේ දන්නාසේක)” (12. 3-4).

පාවුල් සහ ඇක්වයිනාස් වචනයෙන් හෝ … හේතු සහගත හෝ… ප්‍රකාශ කළ නොහැකි යහපත්කමේ සාගරයක් ගැන මෙනෙහි කිරීමට අප ඉදිරියේ චිත්‍රයක් තැබීය. ඇක්වයිනාස් දුටු දෙයින් හැඟවුයේ දේව පුත්‍රයා අප වෙනුවෙන් කුරුසියේ ඇණ ගැසීමට එවූ දෙවියන්වහන්සේට යුක්තිය ඉටු කරන ආකාරයෙන් ඇක්වයිනාස් තමන්ගේ කාර්යය අවසන් කිරීමට බලාපොරොත්තු නොවීය කියාය. ඊට හාත්පසින්ම වෙනස්ව, පාවුල් තමන්ගේ ලිපිය දිගටම ලිවීය, නමුත් ඔහු එසේ කළේ තමාගේ ශක්තියෙන් ප්‍රකාශ කිරීමට හෝ අවසන් කිරීමට හෝ නොහැකි දේ පිළිබඳ දැනුවත්භාවයෙනි.

ක්‍රිස්තුස්වහන්සේට සේවය කිරීමේදී පාවුල් මුහුණ දුන් සියලු කරදර වලදී (2 කොරින්ති 11:16-33; 12:8-9), ඔහුට ආපසු හැරී බැලූ විට, ඔහුගේ දුර්වලකම් මධ්‍යයේ, වචනයෙන් හා හැකි යයි සිතූ දේවල් වලින් ඔබ්බට, කරුණාව සහ යහපත්කම දැක ගත හැකි විය.