දකුණු ලන්ඩනයේ කැළඹිලි සහිත නිවසක හැදී වැඩුණු ක්ලෝඩ් පහළොස්වන වියේදී මරිජුවානාද විසිපස්වන වියේදි හෙරොයින්ද යන මත් ද්‍රව්‍යයන් විකිණීමට පටන් ගත්තේය. ඔහුගේ ක්‍රියාකාරකම් සඳහා ආවරණයක් අවශ්‍ය වූ බැවින් ඔහු තරුණයින්ට උපදේශකයෙකු විය. වැඩි කල් යන්නට මත්තෙන් යේසුස්වහන්සේව විශ්වාස කරන ඔහුගේ කළමනාකරු ගැන කුතුහලයෙන් අවදි වූ ඔහුට තවත් බොහෝ දේ දැන ගැනීමට අවශ්‍ය විය. ක්‍රිස්තියානි ඇදහිල්ල ගැඹුරින් අධ්‍යනය කරන පාඨමාලාවකට සහභාගී වීමෙන් පසු, තම ජීවිතයට පැමිණෙන ලෙස ඔහු ක්‍රිස්තුස්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. “මම මෙතරම් පිළිගැනීමකට පැමිණුනෙමි” කියා ඔහු පැවසීය. “මිනිසුන් ක්ෂණිකව මා තුළ වෙනසක් දුටුවෝය. මම ලෝකයේ ප්‍රීතිමත්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා වූයෙමි!” යනුවෙන් පැවසීය.

යේසුස්වහන්සේ එතැනින් නතර නොවීය. ක්ලෝඩ් පසුදා කොකේන් මල්ලක් කිරා බැලූ විට ඔහු සිතුවේ “මෙය අඥාවන්ත දෙයකි. මම මිනිසුන්ට වස ලබා දෙන්නේමි”! කියාය. මත්ද්‍රව්‍ය විකිණීම නතර කර රැකියාවක් කළ යුතු බව ඔහුට වැටහුණි. ශුද්ධාත්මයාණන්ගේ උපකාරයෙන් ඔහු තම දුරකථන ක්‍රියා විරහිත කළ අතර ආපසු නොගියේය.

අපෝස්තලු පාවුල් එපීසයේ සභාවට ලියූ විට සඳහන් කළේ මෙවැනි වෙනසක් ගැනය. දෙවියන්වහන්සේගෙන් වෙන්ව ජීවත් නොවන ලෙස ජනතාවගෙන් “රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා” ඒ වෙනුවට “සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්නා” ලෙස ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය (එපීස 4:22-24). පාවුල් භාවිතා කළ ක්‍රියා පදයෙන් අඟවන්නේ අප නිතරම අලුත් ආත්මය පැළඳිය යුතු බවයි.

ක්ලෝඩ් මෙන්, අපගේ නව ආත්මයෙන් ජීවත් වීමට සහ යේසුස්වහන්සේ මෙන් වීමට අපට උපකාර කිරීමට ශුද්ධාත්මයාණන්වහන්සේ සතුටු වන සේක.